Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආලෝක මහා සංග්‍රාමයෙන් කොට්ටාව ආනන්දයට ජය

ආලෝක මහා සංග්‍රාමයෙන් කොට්ටාව ආනන්දයට ජය

editorial - 2025 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොට්ටාව ආනන්ද මහා විද්‍යාලය සහ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය අතර දෙවැනි වරට පැවැත්වූ ‘ආලෝක සංග්‍රාමය‘ මහ ක්‍රිකට් තරගයේදී කොට්ටාව ආනන්ද විද්‍යාලය ලකුණු 65 ක ජයක් අත්කර ගත්තේය. මෙම තරගය පසුගියදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි

පළමුවෙන් පන්දුවට පහර දුන් කොට්ටාව ආනන්ද විද්‍යාලය ලකුණු 171 ක් ලබාගත් අතර කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය ලකුණු 106 කට දැවී ගියේය.

තරගයේ දක්ෂතම පිතිකරු හා දක්ෂතම පන්දු රකින්නා වශයෙන් ආනන්ද විදුහලේ කඩුලු රකින ක්‍රීඩක ශෙහාඩ් ශෙරිෆ්ඩීන් සම්මාන දිනාගත්තේය. ආකාශ් දුලාංජන තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. ධර්මපාල විදුහලේ දෙසඳු හසරැල්  දක්ෂතම පන්දු යවන්නා සම්මානය දිනාගත්තේය.

කොට්ටාව ආනන්ද විද්‍යාලයීය විදුහල්පති දිස්නා වැලිකල මහත්මිය, ක්‍රීඩා හා විෂය සමගාමි නියෝජ්‍ය විදුහල්පති සුභාෂිණී කීර්තිරත්න  මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මෙම තරගය සංවිධානය කළහ.


අදහස් (0)

ආලෝක මහා සංග්‍රාමයෙන් කොට්ටාව ආනන්දයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.