සමූ අෂාන් ගේ (170) විශිෂ්ට ඉනිම නිසා අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකණු 129 කින් කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 301 ක ඉලක්කය හඹාගිය තර්ස්ටන් විදුහලට ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 171 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විදුහලේ සමූ අෂාන් පන්දු 119 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 11 ක් සමගින් ලකුණු 170 ක් රැස් කිරීම තරගයේ තීරණාත්මක සාධකය බවට පත්විය. වර්තමාන පාසල් ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම පිතිකරුවකු වන 16 හැවිරිදි සමූ අෂාන් පන්දු 46 කින් අර්ධ ශතකය ද, පන්දු 87 කින් ශතකය ද, සම්පූර්ණ කළේය.
ප‍්‍රගීෂ මෙන්ඩිස්, නාලන්දා විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 58 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 46 ක් රැස් කළේය.
ලකුණු පුවරුව
| ආනන්ද විදුහල | |
| සහන් සුරවීර - ඇ. මෙන්ඩිස් ප. තිසර | 21 |
| ඉඳුවර රණතුංග - ප. යේෂාන් | 4 |
| දුෂාන් හෙට්ටිගේ - ඇ. තුෂාල් ප. යේෂාන් | 12 |
| සමූ අෂාන් - ඇ. නිමේෂ් ප. චානුක | 170 |
| සුපුන් වරාගොඩ - ප. නවීන් | 27 |
| අසෙල් සිගේරා - ඇ. යේෂාන් ප. තිසර | 20 |
| ළහිරු හිරන්‍ය - ඇ. යේෂාන් ප. තිසර | 11 |
| සනත් සමීර - ප. නිපුන් | 7 |
| දමින්ද රිෂාන් - නොදැවී | 6 |
| චංගු ජනුක - දුවද්දී දැවී ගියා | 3 |
| අචිර එරංග - නොදැවී | 0 |
| අතිරේක | 19 |
| එකතුව ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී | 300 |
| කඩුලූ වැටීම: | |
| 1-8(ඉඳුවර රණතුංග), 2-32(දුෂාන් හෙට්ටිගේ), 3-70(සහන් සුරවීර), 4-170(සුපුන් වරාගොඩ), 5-242(අසෙල් සිගේරා), 6-272(සමූ අෂාන්), 7-291(සනත් සමීර), 8-291(ළහිරු හිරන්‍ය), 9-296(චංගු ජනුක) | |
| පන්දු යැවීම: | |
| නිපුන් ලක්‍ෂාන්: 9-0-44-1, යේෂාන් වික‍්‍රමාරච්චි: 4-0-36-2, ප‍්‍රගීෂ මෙන්ඩිස්: 1-0-14-0, නවීන් ගුණවර්ධන: 10-0-48-1, තිසර දේශාන්: 10-0-45-2, චානුක ප‍්‍රභාත්: 8-0-67-1, තුෂාල් මධුසංඛ: 8-0-43-1 | |
| තර්ස්ටන් විදුහල | |
| කසුන් අබේරත්න - ක. මූ. කළා ප. දුෂාන් | 10 |
| යේෂාන් වික‍්‍රමාරච්චි - ක. මූ. කළා ප. සහන් | 19 |
| ඉමේෂ් විරංග - ඇ. සනත් ප. අසෙල් | 19 |
| චානුක ප‍්‍රභාත් - ඇ. සහන් ප. අසෙල් | 3 |
| නිමේෂ් ලක්‍ෂාන් - දුවද්දී දැවී ගියා | 4 |
| නිපුන් ලක්‍ෂාන් - ක. මූ. කළා දමින්ද | 18 |
| තුෂාල් මධුසංඛ - ප. අචිර | 28 |
| ප‍්‍රගීෂ මෙන්ඩිස් - ස්ටම්ප් ළහිරු ප. සුපුන් | 46 |
| පන්සි`දු දේශාන් - නොදැවී | 14 |
| තිසර දේෂාන් - නොදැවී | 1 |
| අතිරේක | 9 |
| එකතුව ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී | 171 |
| පන්දුවට පහර නොදුන් පිතිකරු: | |
| නවීන් ගුණවර්ධන | |
| කඩුලූ වැටීම: | |
| 1-17(කසුන් අබේරත්න), 2-37(යේෂාන් වික‍්‍රමාරච්චි), 3-52(ඉමේෂ් විරංග), 4-56(චානුක ප‍්‍රභාත්), 5-67(නිමේෂ් ලක්‍ෂාන්), 6-80(නිපුන් ලක්‍ෂාන්), 7-135(තුෂාල් මධුසංඛ), 8-164(ප‍්‍රගීෂ මෙන්ඩිස්) | |
| පන්දු යැවීම: | |
| සහන් සුරවීර: 5-0-34-1, දුෂාන් හෙට්ටිගේ: 4-1-11-1, සුපුන් වරාගොඩ: 7-1-23-1, අසෙල් සිගේරා: 8-2-17-2, අචිර එරංග: 10-1-27-1, දමින්ද රිෂාන්: 10-1-29-1, චංගු ජනුක: 3-0-16-0, සනත් සමීර: 3-1-11-0 | |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.