(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවැනි කොටස්වල හෙට (4 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග 3 ක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
රට තුළ පවතින නොසන්සුන් වාතාවරණය හේතුවෙන් මෙම තරග 3 කල් දමා ඇති අතර එම තරග ලබන 7 වැනිදා පැවැත්වීමට සංවිධාකයන් කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. කෙසේ වුවත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.
ඇදිරිනීතිය හෙටින් අවසන් වුවහොත් 5, 6 සහ 7 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ සෙසු අවසන් පූර්ව තරග කලින් යෙදාගත් පරිදිම පැවැත්වීමට පාසල් ක්‍රිකට් සංගමය බලාපොරොත්තු වන බව එහි නිලධාරියෙක් පැවසීය.
කල්දමන ලද අවසන් පූර්ව තරග
පළමු කොටසේ ‘බී’ කාණ්ඩය
■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩය
■ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය
■ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ හොරණ තක්ෂිලා මැදි විදුහල අතර දෙඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.