Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජැමෙයිකාහිදි ඊයේ (16 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 2 කින් ජයගත් අයර්ලන්තය 2-1 ක ඵෙතිහාසික තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්විය.
ඒ අනුව ටෙස්ට් ක්‍රීඩා කරන (ඇෆ්ඝනිස්තානය සහ සිම්බාබ්වේ හැර) රටකට එරෙහිව අයර්ලන්තය ජයගත් පළමු එක්දින තරගාවලිය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්තය ඕවර 44.5 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. ඇන්ඩි මැක්බ්‍රින් සහ හැරි ටෙක්ටර් අර්ධ ශතක ලබාගනිමින් අයර්ලන්ත පිල ජයග්‍රහණය කරා ගෙනයාමට සමත්වූහ.
ඇන්ඩි මැක්බ්‍රින් පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් සහ හැරි ටෙක්ටර් පන්දු 76 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් ලබාගැනීමට සමත්විය. පෝල් ස්ටර්ලින්ග් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක් ලබාගනිමින් අයර්ලන්ත පිලේ ජයග්‍රහණයට දායක විය.
රොස්ටන් චේස් සහ අකීල් හුසේන් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුව පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළ අතර ඕවර 44.4 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 212 ක් පමණි.
ෂායි හෝප් පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 53 ක් සහ ජේසන් හෝල්ඩර් පන්දු 60 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් ලබාගනිමින් කොදෙව් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. අකීල් හුසේන් ලකුණු 23 ක් සහ ඕඞ්යන් ස්මිත් නොදැවී ලකුණු 20 ක් රැස්කිරීමට සමත්වූහ.
ලකුණු 119 කට කඩුලු 7 ක් දැවී තිබියදී ජේසන් හෝල්ඩර් සහ අකීල් හුසේන් එක්ව 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.
ඇන්ඩි මැක්බ්‍රින් ලකුණු 28 කට කඩුලු 4 ක් සහ ක්‍රෙග් යංග් ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගනිමින් කොදෙව් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 44.4 කදී සියලුදෙනා දැවී 212
(ෂායි හෝප් 53, ජේසන් හෝල්ඩර් 44, අකීල් හුසේන් 23, ඕඞ්යන් ස්මිත් නොදැවී 20, ඇන්ඩි මැක්බ්‍රින් 28/4, ක්‍රෙග් යංග් 43/3)
අයර්ලන්තය - ඕවර 44.5 කදී කඩුලු 8 ක් දැවී 214
(පෝල් ස්ටර්ලින්ග් 44, ඇන්ඩි මැක්බ්‍රින් 59, හැරි ටෙක්ටර් 52, රොස්ටන් චේස් 44/3, අකීල් හුසේන් 59/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.