Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරයන් බවට පත්වීම හේතුවෙන් තම කණ්ඩායමට ලැබුණු ඇමරිකානු ඩොලර් 75,000 ක ත්‍යාග මුදල ඉන්දීය හමුදා ප්‍රහාරවලින් බැට කෑ සාමාන්‍ය ජනතාව සහ ළමුන් වෙනුවෙන් පරිත්‍යාග කරන බව පාකිස්තාන නායක සල්මල් අලී ආඝා පැවසීය. තරගය අවසන් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකොටි විසිහත් ලක්ෂයක් පමණ වනු ඇත.
තරගාවලිය තුළ අවස්ථා 3 කදී ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම එකිනෙකාට එරෙහිව තරග වැදුණු අතර එම අවස්ථා 3 දීම පාකිස්තානය පරාජය කිරීමට ඉන්දියාව සමත් විය. කෙසේ වුවත් මූලික වටයේදී තරගයක් නොදීම ඉන්දියාව හමුවේ පරාජය පත්වූ පාකිස්තානය, අවසන් මහ තරගයේදී ඉන්දියාවට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය.
අවසන් ඕවරයේ සිවුවැනි පන්දුව දක්වාම ඇදී ගිය එම තරගයේ ජයග්‍රහණය තිලක් වර්මාගේ පිතිහරඹය හේතුවෙන් ඉන්දියාව සතු වුවද, අවස්ථා කිහිපයකදීම එය දෙපිලටම දෝලනය වූ බව දක්නට ලැබිණ.
“අතට අත දීම ගැන කියනවා නම් මම 2007 ඉඳන් ක්‍රිකට් ගහන්නේ. ඒත් මම කවදාවත් දැකලා තිබුනේ නෑ තරගයක් ඉවර වුණාට පස්සෙ කණ්ඩායම් දෙකක් අතට අත නොදී ක්‍රීඩාංගණයෙන් ඉවත් වෙලා යනවා. මගේ තාත්තත් හොඳ ක්‍රිකට් ලෝලියෙක්, මම ඔහුගෙන් ක්‍රිකට් ගැන හුඟක් දේවල් දැනගෙන තියෙනවා. ඒත් එයාවත් කවදාවත් මට එහෙම දෙයක් ගැන කියලා තිබුණේ නෑ. මීට කලිනුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග පවත්වලා තියෙනවා. ඒ සමහර තරග දේශපාලිනික අතින් මීටත් වඩා නරක අවස්ථාවලි තිබුණු ඒවා. ඒත් කවදාවත් ක්‍රීඩකයො මේ විදියට අතට අත නොදී ඉඳලා නෑ.”
“මට හිතෙන විදියට අතට අත නොදීම ක්‍රීඩාවට එච්චර හොඳ දෙයක් නෙමෙයි.
ක්‍රීඩකයෙකුට ක්‍රීඩාංගණය ඇතුළෙ තරග වදිනකොට ආවේගශීලී වෙන්න ඕන නම් ඒක කරන්න එයාට අවස්ථාව තියෙනවා. එයා අපේ කණ්ඩායමේ වුණත්, ප්‍රතිවාදී කණ්ඩායමේ වුණත් ගැටලුවක් නෑ. ඒත් ක්‍රීඩාංගණයෙන් ඉවතට ආවට පස්සෙ නැත්නම් තරගය අවසන් වුණාට පස්සෙත් කෙනෙක් ඒ විදියට හැසිරෙනවා නම් ඒක ක්‍රීඩාශීලිත්වය නෙමෙයි. අපි හැම වෙලාවෙම ප්‍රතිවාදියට ගරු කරන්න පුරුදු වෙන්න ඕන.”
“මම පාකිස්තාන කණ්ඩායමේ නායකයා නොවී සාමාන්‍ය ක්‍රිකට් ලෝලියෙක් වුණත්, මේ වුණ දේ කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. මොකද මේක හුඟක් වැරදි දෙයක්.
පාකිස්තානේ වුණත්, ඉන්දියාවේ වුණත් ගෙදර ඉදන් තරගය නරඹන පොඩි ළමයි මේවා දැක්කාම මොනවද හිතන්නෙ. අපි එයාලගෙ වීරයො කියලයි එයාලා හිතන්නේ. ඉතින් අපිව ආර්ෂයට අරගෙන තමයි එයාල හැදෙන්නෙ. ඒත් මෙහෙම හැසිරුණාම අපි එයාලට වැරදි ආදර්ෂයක් නේද දෙන්නෙ. ඒ හින්දයි මම කියන්නෙ මේ වුණ දේ නොවිය යුතු දෙයක් කියලා.”
“තරගාවලිය පුරා අතට අත නොදී හිදීමෙන් ඉන්දීය කණ්ඩායම හිතනවා නම් එයාල අපිට අගෞරව කළා කියලා, නැහැ එයාලට වැරදිලා. එයාලා අගෞරව කළේ පාකිස්තානයට නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩාවට. අපි හැම විටම උත්සාහක කළා දේශපාලනික ප්‍රශ්න පැත්තකට දාලා, තරගාවලියේ නිති රීති අනුගමනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා කරමින් ක්‍රීඩා කරන්න. මේක අපිට තරමක් අසීරු කාලයක්. ඒකයි දිගින් දිගටම ඉන්දියාව හමුවේ පරාජය වුණේ. ඒත් මම කියන්න කැමතියි අපි ඉතා ඉක්මණින් වැරදි හදාගෙන නැවතත් නැගී සිටිනවා කියලා. යැයිද පාකිස්තාන නායකයා එහිදී වැඩි දුරටත් පැවසීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.