Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket භානුකගේ පිතිහරඹය ශාන්ත ලුසියා පිල දිනවයි

භානුකගේ පිතිහරඹය ශාන්ත ලුසියා පිල දිනවයි

editorial - 2024 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

භානුක රාජපක්ෂගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 5 වැනි තරගය ලෙස ශාන්ත ලුසියා කිංග්ස් සහ ශාන්ත කිට්ස් සහ නෙවීස් පැටි්‍රයොට්ස් කණ්ඩායම් අතර ඊයේ (1 වැනිදා) වෝනර් පාක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම ඕවර 17.2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය. පන්දු 35 කට මුහුණදෙමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 68 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

එහිදී භානුකට අනගි සහායක් දුන් ටිම් සෙයිෆට් පන්දු 27 කින් ලකුණු 64 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ඩේවිඩ් වීස් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් ශාන්ත ලුසියා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට භානුකට සහාය දැක්වීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත කිට්ස් සහ නෙවීස් පැටි්‍රයොට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 201 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු එවින් ලුවිස් ප්‍රවේගකාරී පිතිහරභයක නිරත වෙමින් ශතකයක් ලබාගත්තේය. පන්දු 54 කදී වාර්තා වූ ඔහුගේ ශතකය හයේ පහර 9 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

කයිල් මේයර්ස් (92) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 199 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුවිස් සමත් වූ අතර පන්දු 62 කදී වාර්තා වූ මේයර්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.  

ශාන්ත කිට්ස් සහ නෙවීස් පැටි්‍රයොට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 201 
(එවින් ලුවිස් නොදැවී 100, කයිල් මේයර්ස් නොදැවී 92, ඩේවිඩ් වීස් 29/2) 

ශාන්ත ලුසියා කිංග්ස් පිල - ඕවර 17.2 කදී කඩුලු 5 කට 202 
(භානුක රාජපක්ෂ නොදැවී 68, ටිම් සෙයිෆට් 64, ඩේවිඩ් වීස් නොදැවී 34, ඇන්රික් නොකියා 29/2, කයිල් මේයර්ස් 38/2) 

-036 


අදහස් (1)

භානුකගේ පිතිහරඹය ශාන්ත ලුසියා පිල දිනවයි
  • sam Wednesday, 04 September 2024 05:38 AM

    ඔව් ඉතින් තරග 50 ක විතර බින්දු ගහලා එක තරගයකට එක තරගයකට ලකුණු ලකුණු ගැහුවාම වැඩක් නෑ. මෙයාට හරියන්නේ බෝන් අගේන් එකෙන් අයින් වුණු දවසටයි. ඒකෙ ඉන්නකන් බිංදුම තමයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.