Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකන් ලයන්ස්ට ශූරතා 3 ක්

ශ්‍රී ලංකන් ලයන්ස්ට ශූරතා 3 ක්

editorial - 2022 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොරියානු ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධානය කරන කොරියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙම වසරේදී (2022) පැවැති කොරියානු සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ සහ කොරියානු ශූරයන්ගේ ලීග් තරගාවලියේ ශූරතා දිනාගනු ලැබුවේද ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම විසිනි. 

ඉෂාන් දිල්රුක්ෂ

ඒ අනුව මෙම වසර තුළදී කොරියානු ක්‍රිකට් සංගමය සංවිධානය කළ ප්‍රධාන තරගාවලි තුනෙහිම ශූරතා දිනාගනිමින් වාර්තාවක් පිහිටුවීමටද ඒ.කේ. දමිත් නායත්වය දරන ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමට හැකි විය. මින් පෙර කිසිදු කණ්ඩායමක් එක් වසරක් තුළ මෙම තරගාවලි තුනෙහිම ශූරතා දිනාගැනීමට සමත්වී නැත. 

කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පළමු, දෙවැනි සහ තෙවැනි ලෙස කාණ්ඩ 3 යටතේ පැවැති කොරියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම, අවසන් මහ තරගයේදී ලකුණු 10 කින් පකිස්තාන සල්මි කණ්ඩායම පරාජය කරමින් ශූරතාවට හිමිකම් කීවේය. 

පළමු කාණ්ඩය යටතේ කණ්ඩායම් 8 ක් තරග වැදුණ අතර ඊට ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායමට අමතරව පාකිස්තාන කණ්ඩායම් 3 ක්, බංග්ලාදේශ කණ්ඩායම් 2 ක් සහ ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම බැගින් එක්ව සිටියහ. දෙවැනි සහ තෙවැනි කාණ්ඩ යටතේ කණ්ඩායම් 5 බැගින් තරග වැදිණ. 

තරගාවලිය පුරා පින්තෙන් දස්කම් පෑ ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමේ ඉෂාන් දිල්රුක්ෂ තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දිනාගත් අතර අවසන් මහ තරගයේ වීරයාට හිමි කුසලාන තමන් සතුකර ගැනීමට අර්ධ ශතකයක් ලබාගත් ටල්සන් රත්නපාල සමත් විය. 

ටල්සන් රත්නපාල

ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමේ උප නායකයා ලෙස ප්‍රභාත් සම්පත් කටයුතු කරන අතර ශාමෙන් රාජපක්ෂ, නිමල් ප්‍රසන්න, ටල්සන් රත්නපාල, දිලීප මෙන්ඩිස්, ඉෂාන් දිල්රුක්ෂ, කාන්චන තිලකරත්න, අසංක ශ්‍රීමාල්, එච්.ජී. උපුල්, චලින මහේෂ්, සුජිත් හේමන්ත, සුරේෂ් කුමාර, හේශාන් දිමුතු, චමිත් විදුලන්ක, උදේෂ් ප්‍රියංග සහ රන්දික සාගර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ වෙති. 

ශ්‍රී ලංකන් ලයන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 132 
(ටල්සන් රත්නපාල 54, ශාමෙන් රාජපක්ෂ 21, අංසක ශ්‍රීමාල් 20, අමීර් ලාල් 21/2) 

පාකිස්තාන සල්මි පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 122 
(අමීර් ලාල් 43, මුඩාසීර් ඉක්බාල් 28, ඒ.කේ. දමිත් 26/2)

නායක ඒ.කේ. දමිත්

 


අදහස් (0)

ශ්‍රී ලංකන් ලයන්ස්ට ශූරතා 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.