Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය හඹා යති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය හඹා යති

editorial - 2021 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

(දමින්ද විජේසූරිය)       

කොරෝනා ව්‍යසනයෙන් පසුව පළමු වැනි ටෙස්ට් ජයග්‍රහණය සොයා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන විට තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම තමන් සතුකරගෙන සිටියේය. ලකුණු 437 ක ඉලක්කයක් කරා යමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම අද (2 වැනිදා) සවස මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටියේය.  

තරගයෙන් ජයගැනීමට නම් බංග්ලාදේශ පිලට තවත් ලකුණු 260 ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 5 ක් පමණි. පරාජයෙන් බේරීමට නම් හෙට දිනයේදී වර්ෂාවේ සහාය ලබාගත යුතුව තිබේ.

හෙට දිනයට නියමිත ඕවර සංඛ්‍යාවේදී කඩුලු 5 ක් ආරක්‍ෂා කරගැනීම හිතන තරම් පහසු අභියෝගයක් නොවේ. ඇරත් ටෙස්ට් තරගයක පස්වැනි දිනයේදී එය වඩාත් අසීරුය.

ටෙස්ට් ඉතිහාසයේ කිසිම කණ්ඩායමක් එවන් විශාල ඉලක්කයක් සාර්ථකව හඹා ගොස් නැත. ටෙස්ට් කණ්ඩායමක්, සිව්වැනි ඉනිමේදී ඉලක්කයක් හඹා යමින්, ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ වසර 2003 දී ඕස්ටේ්‍රලියාව හමුවේ බටහිර ඉන්දීය පිල ලකුණු 418 ක් ලබාගැනීමයි. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී නම් එය, මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් දෙදෙනාගෙන් සවිමත් වූ, 2015 පාකිස්තානු කණ්ඩායම ලබාගත් ලකුණු 382 යි.

අද තේ පානය වන විටත් බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 112 කට බිඳ වැටී තිබිණ.  එතැන් සිට ගමන අසීරු බව දැන දැනත්, ඊට මුහුණ දෙනවා විනා, විකල්පයක් බංග්ලාදේශ පිතිකරුවන්ට නොතිබිණ.

කෙසේ වෙතත් මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්තරා අන්දමක අවදානමකට මුහුණ දී සිටී. එනම් මෙම තරගය ජයගත නොහැකි වුවහොත්, එනම් ඕවර 150 ක ආසන්න සංඛ්‍යාවකදී සිය ඉනිම බේරා ගැනීමට බංග්ලාදේශය සමත් වන්නේ නම්, ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ මෙතෙක් අත්කරගත් පහළම තැනට ඇද වැටීමයි.

තරුණ දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ ප්‍රවීන් ජයවික්‍රම තේරීම් කමිටු නිලධාරීන් අපේක්‍ෂා කළාටත් වඩා විශිෂ්ට මෙහෙයක් කරමින් සිටිති. 22 හැවිරිදි කෝඩුකාරයා, ප්‍රවීන් ජයවික්‍රම ඒ වන විටත් කඩුලු 8 ක් තමන් සතුකරගෙන සිටියේය. තවමත් ටෙස්ට් තරග දෙකකට පමණක් ක්‍රීඩා කර ඇති, 25 හැවිරිදි රමේෂ් මෙන්ඩිස්, දෙවැනි ඉනිමේදී වඩාත් අසීරු පන්දු යවන්නා වීමේ ලකුණු දැනටමත් පෙන්නුම් කර තිබේ.

ලකුණු 242 ක මුල් ඉනිමේ වාසියක් තිබියදීත් පිට පිටම පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට නොදී, සෙනසුරාදා හැන්දෑවේදීම පිති අතට ගත් ශ්‍රී ලංකා කණ්ඩායම වේගවත් ලකුණු රැස්කිරීමක නිරත විය. කඩුලු 9 ක් දැවී ගිය නමුත් ලකුණු 194 ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පිල මුහුණ දුන්නේ ඕවර 42 කට පමණි.

මෙම කෙටි කාලයේදී, නායක දිමුත් කරුණාරත්න පන්දු 78 කදී, හතරේ පහර 7 ක් සහ හයේ පහරක් ද සමගින් ලකුණු 66 ක් ලබාගත්තේය. මෙම තරගාවලියේ ඉනිම 3 කදී, ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගත් කරුණාරත්න රැස්කළ සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 428 කි.

සෙනසුරාදා දිනය සම්පූර්ණයෙන්ම දිනාගත්තේ ජයවික්‍රමයි. වික්‍රමාන්විත පන්දු යැවීමක නිරත වූ හෙතෙම සිය මංගල ටෙස්ට් තරගය සදානුස්මරණීය තරගයක් කරගත්තේය. ශ්‍රී ලංකාවේ වසර 39 ක ටෙස්ට් ඉතිහාසය තුළ කෝඩුකාරයන්ගේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ජයවික්‍රම ලකුණු 92 කට කඩුලු 6 ක් දවාගත්තේ උපුල් චන්දන සතුව තිබූ වාර්තාව ද (179/6) හිමිකරගනිමිනි.

සෙනසුරාදා  තේ පානයෙන් පසුව බංග්ලාදේශ පිල සම්පූර්ණයෙන්ම අසරණ කර දැමූ ප්‍රවීන් ජයවික්‍රම සහ සුරංග ලක්මාල් දෙදෙනා ඉතිරිව තිබූ කඩුලු 6 න් කඩුලු 5 ක්ම බෙදාහදා ගත්හ. තේ පානයට පෙර අවසන් ඕවරයේදී ආරම්භ වූ බංග්ලාදේශයේ කඩුලු බිඳ වැටීමේ පෙරහැර නිමා වූයේ ලකුණු 37 ක් තුළදී කඩුලු 7 ක් අහිමිකරගනිමිනි.  

මුෂ්ෆිකුර් රහීම් දැවී යාමට පෙර කඩුලු 3 කට ලකුණු 214 ක් ලෙසින් සටහන්ව තිබූ ලකුණු පුවරුව ඕවර කිහිපයක් ඇුතුළත ලකුණු 251 කට සියලු දෙනාම දැවී ගිය බව සටහන් කළේය. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ තණතීරුව නියමිත ප්‍රමිතියට නැතැයි කී අන්තර්ජාතික ක්‍රිකට් සභාවට එය කදිම අතුල් පහරක් ද විය.
 

ලකුණු පුවරැව
ශ්‍රී ලංකාව - පළමු ඉනිම කඩුලු 7 ට 493 යි
(දිමුත් කරැණාරත්න 118, ළහිරැ තිරිමාන්න 140, ඕෂධ ප්‍රනාන්දු 81, නිරෝෂන් දික්වැල්ල නොදැවී 77, ටස්කින් අහමඩ් 127/4)
බංග්ලාදේශය - පළමු ඉනිම
ටමීම් ඉක්බාල් - ඇ.තිරිමාන්න ප.ජයවික්‍රම                   92
සයිෆ් හසන් - ඇ.ධනංජය ද සිල්වා ප.ජයවික්‍රම             25
නජ්මුල් හොසේන් - තිරිමාන්න ප.මෙන්ඩිස්                  0
මොමිනුල් හක් - නොදැවී                                  49
මුෂ්ෆිකුර් රහීම් - ක.මු.කළා ප.ජයවික්‍රම                      40
ලිටන් දාස්  - ඇ.තිරිමාන්න ප.ජයවික්‍රම                      8
මෙහෙදි හසන් මිරාස් - ක.මු.කළා ප.ජයවික්‍රම               16
තයිජුල් ඉස්ලාම් - පාදය කඩුල්ලේ වැදුණා ප.ලක්මාල්        9
ටස්කින් අහමඩ් - ක.මු.කළා ප.ජයවික්‍රම                      0
ෂොරිෆුල් ඉස්ලාම් - ප.ලක්මාල්                              0
අබු ජායිද් - නොදැවී                                        0
අතිරේක                                                   12
එකතුව ඕවර 83 කදී සියලු දෙනා දැවී                    251
කඩුලු වැටීම :
1-98(සයිෆ් හසන්), 2-99(නජ්මුල් හොසේන්), 3-151(ටමීම් ඉක්බාල්),
4-214(මුෂ්ෆිකුර් රහීම්), 5-224(මොමිනුල් හක්), 6-224(ලිටන් දාස්),
7-241(මෙහෙදි හසන්), 8-243(ටස්කින් අහමඩ්), 9-246(ෂොරිෆුල්
ඉස්ලාම්), 10-251(තයිජුල් ඉස්ලාම්)


පන්දු යැවීම

සුරංග ලක්මාල් : 10-0-30-2, විශ්ව ප්‍රනාන්දු : 7-1-19-0, ඇන්ජලෝ මැතිව්ස් : 2-0-07-0, රමේෂ් මෙන්ඩිස් : 31-7-86-2, ප්‍රවීන් ජයවික්‍රම : , 32-7-92-6, ධනංජය ද සිල්වා : 1-0-06-0

ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම
ළහිරැ තිරිමාන්න - ඇ.නජ්මුල් ප.මෙහෙදි හසන්              2
දිමුත් කරැණාරත්න - ඇ.අතිරේක ප.සයිෆ් හසන්            66
ඕෂධ ප්‍රනාන්දු - ස්ට.ලිටන් දාස් ප.තයිජුල් ඉස්ලාම්           1
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.අතිරේක ප.තයිජුල් ඉස්ලාම්        12
ධනංජය ද සිල්වා - ඇ.නජ්මුල් ප.මෙහෙදි හසන්            41
පැතුම් නිස්සංක - ඇ.ෂොරිෆුල් ප.තයිජුල් ඉස්ලාම්           24
නිරෝෂන් දික්වැල්ල - ඇ.තයිජුල් ප.ටස්කින් අහමඩ්        24
රමේෂ් මෙන්ඩිස් - ඇ.ටමීම් ඉක්බාල් ප.තයිජුල් ඉස්ලාම්       8
සුරංග ලක්මාල් - ප.තයිජුල් ඉස්ලාම්                        12
ප්‍රවීන් ජයවික්‍රම - නොදැවී                                 3
අතිරේක                                                    1
එකතුව ඕවර 42.2 කදී කඩුලු 9 ක් දැවී                    194
කඩුලු වැටීම
1-14(තිරිමාන්න), 2-15(ඕෂධ), 3-39(මැතිව්ස්), 4-112(දිමුත්), 5-124(ධනංජය), 6-162(නිස්සංක), 7-178(දික්වැල්ල), 8-180(රමේෂ්), 9-194(ලක්මාල්)
පන්දු යැවීම
මෙහෙදි හසන් : 14-3-66-2, ෂොරිෆුල් ඉස්ලාම් : 1-0-08-0, තයිජුල් ඉස්ලාම් : 19.2-2-72-5, ටස්කින් අහමඩ් : 4-0-26-1, සයිෆ් හසන් : 4-0-22-1


බංග්ලාදේශය - දෙවැනි ඉනිම
ටමීම් ඉක්බාල් - ඇ.දික්වැල්ල ප.රමේෂ් මෙන්ඩිස්            24
සයිෆ් හසන්  - ඇ.ලක්මාල් ප.ජයවික්‍රම                      34
නජ්මුල් හොසේන් - ප.ජයවික්‍රම                            26
මොමිනුල් හක් - ප.රමේෂ් මෙන්ඩිස්                        32
මුෂ්ෆිකුර් රහීම් - ඇ.ධනංජය ද සිල්වා ප.මෙන්ඩිස්          40
ලිටන් දාස්  - නොදැවී                                     14
මෙහෙදි හසන්  - නොදැවී                                  4
අතිරේක                                                    3
එකතුව ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී                      177
කඩුලු වැටීම :
1-31(ටමීම් ඉක්බාල්), 2-73(සයිෆ් හසන්), 3-104(නජ්මුල් හොසේන්), 4-134(මොමිනුල් හක්), 5-171 (මුෂ්ෆිකුර් රහීම්), 
පන්දු යැවීම :
සුරංග ලක්මාල් : 4-2-14-0, රමේෂ් මෙන්ඩිස් : 20-0-86-3, ප්‍රවීන් ජයවික්‍රම : 20-5-58-2, ධනංජය ද සිල්වා : 4-0-16-0
 ​


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය හඹා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.