Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුජරාට් - චෙන්නායි අවසන් පූර්ව තරගය හෙට
අයි.පී.එල්. 2023

ගුජරාට් - චෙන්නායි අවසන් පූර්ව තරගය හෙට

editorial - 2023 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (23 වැනිදා) චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.

මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 10 ක් ජයගනිමින් ලකුණු සටහනේ පළමු වැනියා ලෙස හර්දීක් පාණ්ඪ්‍යා නායකත්වය දරන ගුජරාට් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය. මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනියා ලෙස අවසන් වටයට පිවිසියේ මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 8 ක් ජයගනිමිනි.

හෙට පැවැතිවෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන් අනිද්දා (24 වැනිදා) පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායම, දෙවැනි අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්කළ යුතුය.

මූලික වටය අවසානයේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකරගත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ එහි සිවුවැනි ස්ථානයට පත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පිළිමළුන් පිටුදැකීමේ තරගය පැවැතවේ. ඉන් ජය ලබන කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන අතර පරාජයට පත්වන කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවනු ඇත.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය (26 වැනිදා) මෙන්ම අවසන් මහ තරගයද (28 වැනිදා) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. අවසන් වටයට පිවිස සිටින කණ්ඩායම් අතරින් මුම්බායි කණ්ඩායම 5 වරක්ද, චෙන්නායි කණ්ඩායම 4 වරක්ද, ගුජරාට් කණ්ඩායම එක් වරක්ද අයි.පී.එල්. ශූරතාවට හිමිකම් කියා තිබේ.


-036


අදහස් (0)

ගුජරාට් - චෙන්නායි අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.