Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටුව මෙතෝදිස්තය අවසන් පූර්ව වටයට

මොරටුව මෙතෝදිස්තය අවසන් පූර්ව වටයට

editorial - 2021 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව මෙතෝදිස්ත උසස් පාසල අද (22 වැනිදා) සමත් විය.

කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩංගණ‍යේදී පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මැදි විදුහලට එරෙහිව ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කරමින් මෙතෝදිස්ත උසස් පාසල තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය කන්නංගර මැදි විදුහල් කණ්ඩායම ඕවර 37.4 ක් අවසානයේ ලකුණු 145 කට සීමා කිරීමට කවින් ප්‍රනාන්දු ප්‍රමුඛ මෙතෝදිස්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවින් ලකුණු 20 කට කඩුලු 5 ක් බිඳහෙළීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මෙතෝදිස්ත උසස් පාසල ඕවර 37.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 153 ක් ලබා ගත්තේය. එහිදී සඳුන් ප්‍රනාන්දු ලකුණු 24 ක්ද, ලක්ෂාන් චාමික සහ කවින් ප්‍රනාන්දු ලකුණු 23 බැගින්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පෙර අර්ධ අවසන් පූර්ව ව‍ටයේදී කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පරාජය කරමින් මොරටුව මෙතෝදිස්ත උසස් පාසල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. කන්නංගර මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පරාජය කරමිනි.

 

මෙතෝදිස්ත උසස් පාසල - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 153
(ලක්ෂාන් චාමික 24, සඳුන් ප්‍රනාන්දු 24, කවින් ප්‍රනාන්දු 23, දසුන් ගුණසිංහ 40/4, පහන් බිම්සර 21/3, දිනිල් ද අල්විස් 37/2)

කන්නංගර මැදි විදුහල - ‍ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 145
(තනුෂ ෂෙහාන් 22, චමෝද් දිල්ෂාන් 20, කවින් ප්‍රනාන්දු 20/5, නවීන් මදුෂංඛ 38/2)


අදහස් (0)

මොරටුව මෙතෝදිස්තය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.