Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චතුම් ලක්ප්‍රිය බදුල්ල දිස්ත්‍රික්කය දිනවයි

චතුම් ලක්ප්‍රිය බදුල්ල දිස්ත්‍රික්කය දිනවයි

editorial - 2023 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ රත්නපුර දිස්ත්‍රික්කයට එරෙහිව අද (25 වැනිදා) මොණරාගලදී පැවැති තරගයෙන් ලකුණු 27 ක පහසු ජයක් වාර්තා කිරීමට බදුල්ල දිස්ත්‍රික්කය සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය රත්නපුර දිස්ත්‍රික්කයට ඕවර 34.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 81 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ චතුම් ලක්ප්‍රිය ලකුණු 31 කට කඩුලු 6 ක් බිඳහෙළුවේය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් බදුල්ල දිස්ත්‍රික්කය ඕවර 35.4 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 108 ක් ලබාගත්තේය. එහිදී විහාර අත්තනායක ලකුණු 08 කට කඩුලු 4 ක්ද, රුවිඳු දිදුලක ලකුණු 13 කට කඩුලු 3 ක්ද දවාගනිමින් බදුල්ල දිස්ත්‍රික් ඉනිම සුනුවිසුණු කර දැමූහ.

 
බදුල්ල දිස්ත්‍රික්කය - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 108
(ඒසිත ගිම්හාන් 19, විහාර අත්තනායක 08/4, රුවිඳු දිදුලක 13/3, චානුක ධනංජය 28/2)

රත්නපුර දිස්ත්‍රික්කය - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 81
(තුහින අනුවන් 38, චතුම් ලක්ප්‍රිය 31/6, සේනාර දිලීප 12/2)

-036

 


අදහස් (0)

චතුම් ලක්ප්‍රිය බදුල්ල දිස්ත්‍රික්කය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.