Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches සෙබස්තියන් ක්‍රීඩකයෝ වැඩි ගෞරව දිනති

සෙබස්තියන් ක්‍රීඩකයෝ වැඩි ගෞරව දිනති

editorial - 2023 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 73 වැනි  ‘රන්සටන‘ මහ ක්‍රිකට් තරගය ඉකුත් සෙනසුරාදා (22 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත සෙබස්තියන් විදුහල, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියේය.

දෙවැනි ඉනිමේදී ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අගනා ශතකයක් ලබාගැනීමට විමත් දින්සර (නොදැවී 101) සමත් වූ අතර සෙබස්තියන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අදීෂ අල්මේදා ලකුණු 79 ක් රැස්කළේය.

පළමු දිනය සඳහා සිකුරාදා (21 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 42 ක් ලබා සිටි වේල්ස් කුමර විදුහලට, දෙවැනි දිනයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි. එහිදී තරිඳු අමරසිංහ (73) සහ නායක ඔමේෂ් මෙන්ඩිස් (65) අර්ධ ශතක ලබාගත්හ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ නායක සන්දේෂ් ප්‍රනාන්දු ලකුණු 67 කට කඩුලු 6 ක් බිඳහෙළමින් මෙවර මහ ක්‍රිකට් තරගයේදී සිය කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් අත්කර දීමට පෙරමුණ ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල,  සෙනෙෂ් ප්‍රනාන්දුගේ (නොදැවී 114) ශතකය හමුවේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 219 ක් ලබාගත් අතර ඉන් අනතුරුව ඉනිම අත්හිටුවා වේල්ස් කුමර විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.


ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 7 ක් දැවී 219
(සෙනෙෂ් ප්‍රනාන්දු නොදැවී 114, අදීෂ අල්මේදා 31, සන්දේෂ් ප්‍රනාන්දු 28, භාසුරු කල්හාර 62/2)

‍‍වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලු දෙනා දැවී 208
(තරිඳු අමරසිංහ 73, ඔමේෂ් මෙන්ඩිස් 65, රිවිත් ජයසූරිය 21, සන්දේෂ් ප්‍රනාන්දු 67/6, මනුජ චන්තුක 81/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 58 කදී කඩුලු 2 ක් දැවී 207
(විමත් දින්සර නොදැවී 101, අදීෂ අල්මේදා 79)

 


අදහස් (0)

සෙබස්තියන් ක්‍රීඩකයෝ වැඩි ගෞරව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.