Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches ශාන්ත ජෝෂප් විදුහල වැඩි ගෞරව දිනයි

ශාන්ත ජෝෂප් විදුහල වැඩි ගෞරව දිනයි

editorial - 2023 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 89 වැනි ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය සෙනසුරාදා (29 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. පළමු ඉනිමේ ජයක් ලැබූ ශාන්ත ජෝෂප් විදුහල එහිදී වැඩි ගෞරව දිනාගැනීමට සමත් විය.

වර්ෂාව සහ මන්දාලෝක තත්වය හේතුවෙන් තරගයේ පළමු දිනය ඕවර 63.5 කටද, දෙවැනි දිනය ඕවර 48.3 කටද සීමා විය. තරගය නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝෂප් විදුහල, කඩුලු 2 ක් දැවී ලකුණු 240 ක් ලබා ලකුණු ශාන්ත පීතර විදුහලට වඩා ලකුණු 26 ක් ඉදිරියෙන් සිටියේය.  

එහිදී අගනා ශතකයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩයමේ නායක සදීෂ් ජයවර්ධන (නොදැවී 110) සමත් වූ අතර එය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. හිරාන් ජයසුන්දර (91) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් 161 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සදීෂ් සමත් විය.

පළමු දිනය වූ සිකුරාදා (28 වැනිදා) මන්දාලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටි ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි දිනයේදී ලකුණු පුවරුවට තවත් ලකුණු 211 ක් එක් කළේය. ශාන්ත ජෝෂප් ඉනිම ගොඩනැගීම සඳහා සදීෂ්ට අනගි සහායක් දුන් හිරාන්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනූ ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබාගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගඟන චමෝද් ලකුණු 69 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ශාන්ත පීතර පිතිකරුවන් පීඩනයට පත් කළේය.

චමිඳු පෙරේරා (66) සහ රූසඳ ගමගේ (55) අර්ධ ශතක ලබාගනිමින් ශාන්ත පීතර පළමු ඉනිම සවිමත් කළ අතර චමිඳුගේ ඉනිම හතරේ පහර 7 කින්ද, රූසඳගේ ඉනිම හතරේ පහර 6 කින්ද සමන්විත විය. ඔවුන් දෙදෙනා එක්ව ශාන්ත පීතර ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 77 කි.


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවි 214
(චමිඳු පෙරේරා 66, රූසඳ ගමගේ 55, ගඟන චමෝද් 69/5, ළහිරු අමරසේකර 36/3)

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 54.5 කදී කඩුලු 2 ක් දැවී 240
(සදීෂ් ජයවර්ධන නොදැවී 110, හිරාන් ජයසුන්දර නොදැවී 91, නරේන් මුරලිදරන් 20)

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල වැඩි ගෞරව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.