Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches වැඩි ගෞරව ත්‍රිත්ව විදුහලට

වැඩි ගෞරව ත්‍රිත්ව විදුහලට

editorial - 2023 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කටුගස්තොට ශාන්ත අන්තෝනි ක්‍රීඩාපිටියේදී නිමාව දුටු මහනුවර ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර පැවැති 104 වැනි මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවිය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණි. ඊට පිළිතුරු වශයෙන් ඉතා සාර්ථක පිතිහරඹයකට අවතීර්ණ වූ ත්‍රිත්ව ආරම්භක පිතිකරු යුගලය ඕවර 14ක් තුළ ලකුණු 86ක් වාර්තා කිරීමට සමත්විය.

පස්වරු 03.45ට පමණ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය අතහැර දැමීමට සිදුවිය. දෙවැනි දිනයේදී ත්‍රිත්ව විදුහල සියලු දෙනා දැවී ලකුණු 221ක් රැස් කළේය. එහිදී ත්‍රිත්ව නායක රහල් අමරසිංහ (66) අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ඊට පිළිතුරු වශයෙන් ශාන්ත අන්තෝනි පිතිකරුවන් කඩුලු 03ක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියදී නැවතත් සවස දෙක පමණ වනවිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය.

 

ශාන්ත අන්තෝනි පළමු ඉනිම සියලු දෙනා දැවී 110
(ලහිරු අබේසිංහ 35, තිසර ඒකනායක 25, තීරක රණතුංග 34/3, විභාවිත් ඇහැලේපොළ 20/2)

ත්‍රිත්ව  පළමු ඉනිම 221
(රහල් අමරසිංහ 66, මනුල කුලරත්න 44, දිනූෂ පීරිස් 37, කුසල් විජේතුංග 34, කවීෂ පියුමාල් 31/4, ට්‍රවින් මැතිව් 43/3)

ශාන්ත අන්තෝනි දෙවැනි ඉනිම කඩුලු 3 ට 38
(මනුල කුලරත්න 21/2)


අදහස් (0)

වැඩි ගෞරව ත්‍රිත්ව විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.