Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches රන් හටන මොරටුවේදී

රන් හටන මොරටුවේදී

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පානදුර සමන් කාරියවසම් සහ පානදුර සුමිත් පොතුපිටිය)

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හා මොරටුව මහා විද්‍යාලය අතර 71 වැනි රන් හටන මහා ක්‍රිකට් තරගය අද සහ හෙට  (28-29) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මොරටුව මහා විදුහල මෙහි මුල්ම ජය 1956 වසරේ හිමිකරගෙන ඇති අතර, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය 1962 වසරේ සිය මුල්ම ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත්ව ඇත.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී තරග 14කට සහභාගි වී ඉන් තරග 5ක් ජයග්‍රහණය කර තිබේ. තරග 6ක පළමු ඉනිමේ ජය හිමිකරගෙන ඇත.

ශ්‍රී සුමංගල විද්‍යාලයේ නායකත්වය පස්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයකු වන වමත් දඟ පන්දු යවන විශ්ව ලහිරු විසින් දරනු ලබයි.

ඔහු වයස 19න් පහළ ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වූ ක්‍රීඩකයෙකි.

මෙම වාරයේ දී ඔහු මීගමුව සාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 21කට කඩුලු 13ක් බිඳ හෙළීය.

තුන්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයකු වන දුරංක සිල්වා මේ වාරයේදී ලකුණු 830ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවෙකි. ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 221ක් කළුතර තිස්ස මහා විදුහලට එරෙහිව රැස්කර තිබේ.

මොරටුව මහා විද්‍යාල කණ්ඩායම මේ පාසල් වාරයේදී තරග 11කට සහභාගි වී තරග තුනක් පළමු ඉනිමේ ජය වාර්තා කර තිබේ.

මොරටුව මහා විද්‍යාලයේ මෙවර නායකත්වය දරන්නේ සුඛිත දෙව්තිලිණය. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ඔහු ලකුණු 556ක් හා කඩුලු 14ක් හිමිකරගෙන ඇත.

දෙනෙත් සිතුමිණ පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 618ක් හා කඩුලු 33ක් දවාලූ මොරටුව විදුහලේ තවත් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන්නෙකි.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය විදුහල්පතිනි සිනාලි ද සිල්වා මහත්මිය හා පුහුණුකරු ධනුෂ්ක ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ එම කණ්ඩායම මහ තරගයට සූදානම් කර තිබේ.

මොරටුව මහා විද්‍යාලය විදුහල්පති යූ.වී. ගුණරත්න මහතා හා ප්‍රධාන පුහුණුකරු රුචිර ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ කටයුතු කරයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුමංගල විද්‍යාලයෙන් බිහිවූ සුපිරි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වමත් දඟ පන්දු යවන දොන් අරුණසිරි, තුන් ඉරියව්මෙන්ම කැපී පෙනුණු ක්‍රීඩකයෙක් වන ඩිල්රුවන් පෙරේරා, ඉන්දික ගාල්ලගේ ද වෙති.

මොරටු මහා විද්‍යාලයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අජන්ත මෙන්ඩිස් සමත්ව ඇත. මෙම විද්‍යාල දෙක අතර සීමිත ඕවර ක්‍රිකට් තරගය මේ මස 30 වැනි දින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

 

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය

මොරටු මහා විද්‍යාලය


අදහස් (0)

රන් හටන මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.