Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches මුහුදු ළිහිණියන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

මුහුදු ළිහිණියන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2023 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර කටුනේරියේදී පැවැති 5 වැනි ‘මුහුදු ළිහිණියන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ ඉකුත් සෙනසුරාදා (29 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත පීතරයෝ කඩුලු 2 ක් දැවී ලකුණු 5 ක් ලබා සිටියහ.

පළමු දිනය වූ සිකුරාදා (28 වැනිදා) මන්දාලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 63 ක් ලබා සිටි ශාන්ත සෙබස්තියන් විදුහල, දෙවැනි දිනයේදී තවත් ලකුණු 138 ක් රැස්කිරීමෙන් අනතුරව පළමු ඉනිම අත්හිටුවා ශාන්ත පීතර විදුහලට යළිත් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

එහිදී ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට තිසර මධුෂාන් සමත් වූ අතර පන්දු 75 කදී වාර්තා වූ එම වේගවත් ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය. නිමේෂ් මධුෂංක (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද තිසර සමත් විය.

කාසියේ වාසිය දිනූ ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහලට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 92 ක් පමණි. එහිදී තාරක මනරම් කඩුලු 4 ක්ද, චතුමාල් නිමේෂ් සහ තිසර මධුෂාන් කඩුලු 3 බැගින්ද බිඳහෙළමින් ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 92
(අකීල් ශෙනේෂ් 24, නවීන් අතිෂ්ඨ 21, තාරක මනරම් 19/4, චතුමාල් නිමේෂ් 21/3, තිසර මධුෂාන් 33/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 29.2 කදී කඩුලු 5 ක් දැවී 201
(නිමේෂ් මධුෂංක 39, තිසර මධුෂාන් 100, නවීන් අතිෂ්ඨ 44/3)

ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුලු 2 ක් දැවී 05
(චතුමාල් නිමේෂ් 01/2)

 


අදහස් (0)

මුහුදු ළිහිණියන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.