Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches මුහුදු ළිහිණියන්ගේ සටන අද - හෙට කටුනේරියේදී

මුහුදු ළිහිණියන්ගේ සටන අද - හෙට කටුනේරියේදී

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන 5 වැනි ‘මුහුදු ළිහිණියන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (28) සහ හෙට (29) යන දිනවල කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ‘ප්‍රෝටස් තිසේරා’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් මෙම තරගය පැවැත්වේ.

මෙවර මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිමේෂ් චතුමාල්ට පැවරී තිබේ. එහිදී ශාන්ත පීතර විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව මනුල ප්‍රනාන්දුට හිමිව තිබේ. මෙනුර ප්‍රනාන්දු ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙසත්, නවීන් අතිෂ්ඨ ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙසත් කටයුතු කරති.  

දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 4 දී එක් ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්ව ඇති අතර සෙසු තරග 3 ම ජය පැරදුමකින් තොරව නිමාවට පත්ව තිබේ. 2016 වසරේදී ආරම්භ වූ මෙම මහ ක්‍රිකට් තරගය ජය ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්ව ඇත්තේ 2018 වසරේදීය.

මෙවර 19 න් පහළ අන්තර් පාසල් 19 න් පහළ තරගාවලියේදී දෙවැනි කොටසේ පළමු කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. ශාන්ත පීතර විදුහලද එම තරගාවලියේ දෙවැනි කොටසේ පළමු කාණ්ඩය යටතේ තරග වැදුණ නමුත් එහි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ කණ්ඩායමේ නායක දසුන් ශානක මීගමුව ශාන්ත පීතර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ක්‍රීඩකයකු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අසිත ප්‍රනාන්දු ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ක්‍රීඩකයෙකි.

 


ශාන්ත සෙබස්තියන් විදුහල
චතුමාල් ප්‍රනාන්දු (නායක), මෙනුර ප්‍රනාන්දු (උප නායක), විෂ්ව ප්‍රනාන්දු, අෂේන් දිනුක, වෙනුත් කෞමිර, නිමේෂ් මධුෂංක, සිතුම් අප්පුහාමි, තිසර මධුෂාන්, ලක්ෂිත ප්‍රනාන්දු, ගයාන් අප්පුහාමි, හසිත ප්‍රනාන්දු, විහඟ අප්පුහාමි, දහම් ජයසිරි, රෂ්මික ප්‍රනාන්දු, මනරම් ප්‍රනාන්දු, දිනුක සඳුන්, ඩිලාන් ප්‍රනාන්දු, නවීන් නෙත්සර, ඔෂාන් මාරසිංහ, මුදිත සනුෂ්ක පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), සමිත කොස්තා මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ ෂෙවෝන් ජෙනතන් මහතා (සහාය පුහුණුකරු)

 


ශාන්ත පීතර විදුහල
මනුල ප්‍රනාන්දු (නායක), නවීන් අතිෂ්ඨ (උප නායක), නිමේෂ් ප්‍රනාන්දු, රවින්ටන් ප්‍රනාන්දු, අකීල් සෙනෙෂ්, තිමිර ප්‍රනාන්දු, නිලුපුල් වඩුගනායක, යොහාන් අල්විස්, අවිෂ්ක රොෂාන්, රයන් අප්පුහාමි, ළහිරු ප්‍රනාන්දු, ඔෂේම් එෂාංග, යොහාන් ලීමා, අකිඳු බණ්ඩාර, දසුන් කාවින්ද, ශාමල් රිද්මික, දිනෙත් පීරිස්, මුදිත ගෞතම්, මසිත ප්‍රනාන්දු, දිලුක ද සිල්වා, මංජුල වාස් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ගිහාන් සුදීප මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ නිම්න ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු)

 


අදහස් (0)

මුහුදු ළිහිණියන්ගේ සටන අද - හෙට කටුනේරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.