Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches පුතුකුඩිඉරිප්පු මැදි විදුහල ජය පෙනි පෙනී නවතී

පුතුකුඩිඉරිප්පු මැදි විදුහල ජය පෙනි පෙනී නවතී

editorial - 2023 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිලිනොච්චි මහ විදුහල සහ මුලතිව්හි පුතුකුඩිඉරිප්පු මැදි විදුහල අතර කිලිනොච්චි මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ‘වන්නි සටන’ මහ ක්‍රිකට් තරගය ඊයේ (29 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹා යමින් සිටි පුතුකුඩිඉරිප්පු මැදි විදුහල තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 141 ක් ලබා සිටියේය. එහිදී වයි. පැටි්‍රක් (60) සහ එස්. නිරුක්සාන් (54) අර්ධ ශතක ලබාගත්ද, ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.


කිලිනොච්චි මහ විදුහල් පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 107
(කේ. ජීවනිතන් 26, ඊ. මරුතන් 25, පී. තංගනිලවන් 18/5, ඒ. ජතුරාසන් 13/2)

මුලතිව්හි පුතුකුඩිඉරිප්පු මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 57
(ඒ. සානුජන් 22, පී. අබිසාන්ත් 25/5, ජේ. කව්තිකන් 16/3, කේ. ජීවනිතන් 02/2)

කිලිනොච්චි මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 105
(ටී. තිනෝසනන් 27, යූ. නර්මතන් 28/6, පී. තංගනිලවන් 48/2)

මුලතිව්හි පුතුකුඩිඉරිප්පු මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 5 ක් දැවී 141
(වයි. පැටි්‍රක් 60, එස්. නිරුක්සාන් 54)

-036

 


අදහස් (0)

පුතුකුඩිඉරිප්පු මැදි විදුහල ජය පෙනි පෙනී නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.