Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches 89 වැනි ශාන්තුවරුන්ගේ සටන 28-29 කොළඹදී

89 වැනි ශාන්තුවරුන්ගේ සටන 28-29 කොළඹදී

editorial - 2023 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන 89 වැනි ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 28 සහ 29 යන දිනවලදී කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයට සමගාමීව පැවැත්වෙන 49 වැනි වාර්ෂික එක්දින තරගය 30 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

මෙවර මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කළ කඩුලු රකින පිතිකරුවකු වන සදීෂ් ජයවර්ධනට පැවරී තිබේ. එහිදී ශාන්ත පීතර විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන නිමුතු ගුණවර්ධන විසිනි.

දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 88 දී ජයග්‍රහණ 12 ක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත්ව ඇති අතර ශාන්ත පීතර විදුහල තරග 10 ක් ජයගෙන තිබේ. මෙතෙක් පැවති එක්දින තරග 48 න් තරග 24 ක් ජයගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත්ව ඇති අතර ශාන්ත පීතර තරග 21 ක් ජයගෙන ඇත. එක් තරගයක් ලකුණු සම වීමෙන්ද, සෙසු තරග 2 විසඳුමකින් තොරවද නිමාවට පත්ව තිබේ.

මෙවර 19 න් පහළ තරගවාරය තුළ තරග තරග 13 කට සහභාගි වූ ශාන්ත ජෝෂප් විදුහල, එහිදී  පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 8 ක් ලබා ඇති අතර සෙසු තරග දෙකේදී පළමු ඉනිමේ පරාජයන් ලබා ඇත. මෙවර අන්තර් පාසල් 19 න් පහළ තරගාවලියේදී මහනුවර ත්‍රිත්ව විදුහල සමග පළමු කොටස් ‘ඒ’ කාණ්ඩයේ සම ශූරයන් බවට පත්වූයේද ශාන්ත ජෝෂප් විදුහලය.

මෙවර 19 න් පහළ තරගවාරය තුළ තරග තරග 15 කට සහභාගි වූ ශාන්ත පීතර විදුහල, එහිදී පූර්ණ ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 6 ක් ලබා ඇත. සෙසු තරග 8 දීම ඔවුන් පළමු ඉනිමේ පරාජයන් ලබා ඇත. කෙසේ වුවත් මෙවර අන්තර් පාසල් 19 න් පහළ තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් වූ ශාන්ත පීතරයෝ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වූහ.

මෙවර ශාන්තුවරුන්ගේ සටනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරන අතර ජනත ස්ටීල්, කීල්ස් ක්‍රෙස්ට්, අලියා සිසිල් බීම, සී.බී.එල්. දරාස්, උබර්, සිංගර් යන සමාගම් සහ හැටන් නැෂනල් බැංකුව සෙසු අනුග්‍රහකයන් ලෙස මෙවර ශාන්තුවරුන්ගේ සටනට දායකත්වය ලබාදෙයි.


අදහස් (0)

89 වැනි ශාන්තුවරුන්ගේ සටන 28-29 කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.