Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 64 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය සහ පාසල් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 22 වැනිදා සිට 29 වැනිදා දක්වා කුරුණෑගල නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ බෝයගනේ විජයබාහු යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදී ප්‍රධාන අංශ 5 (පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ්‍ර යුගළ) යටතේ තරග පැවැත්වෙන අතර එහිදී අවුරුදු 35 ට වැඩි, 40 ට වැඩි, 50 ට වැඩි සහ 55 ට වැඩි ප්‍රවීනයන් සඳහාද කේවල සහ යුගළ තරග පැවැත්වේ.
ජාතික කනිෂ්ඨ ශූරතාවලියේදී බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල තරග පමණක් පැවැත්වෙන අතර 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා කේවල සහ යුගළ තරග පැවැත්වේ.
කනිෂ්ඨ තරගාවලියේ මූලික තරග කළාප මට්ටමින් 22 සහ 23 යන දින වලදී කොළඹ රාජකීය, ඩී. එස්. සේනානායක සහ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් මූලස්ථාන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර අවසන් තරග පමණක් කුරුණෑගලදී පැවැත්වීමට නියමිතය.
එහි තෝරාගැනීමේ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5100 ක් පමණ සහභාගි වූ බවත්, ඒ අතරින් මූලික වටය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1040 ක් පමණ තෝරාගත් බවත් පාසල් බැඞ්මින්ටන් සංගමයේ ලේකම්වරයා කියා සිටියේය.
ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ මස 14 වැනිදායින් අවසන් වන අතර තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදිනට පෙර සිය අයැදුම්පත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයට යොමුකළ යුතුය.
මෙවර තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ජාතික ශූරතාව 14 වරක් ජයගෙන සිටින නිලූක කරුණාරත්න පිරිමි අංශයෙන්ද, ජාතික ශූරතාව 11 වරක් ජයගෙන සිටින චන්ද්‍රිකා ද සිල්වා කාන්තා අංශයෙන්ද පෙරමුණේ පසුවෙති.
කෙසේ වුවත් ප්‍රබල යොවුන් ක්‍රීඩකයන් වන සචින් ඩයස්, බුවනෙක ගුණතිලක සහ තිළිණි හෙන්ඳහේවා විවිධ හේතූන් මත මෙවර තරගාවලියට සහභාගි නොවන බව වාර්තා වේ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.