Last Update  :  2025-08-23 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton රන් පදක්කම් මේසයම ශ්‍රී ලංකාවට
දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් තරගාවලිය

රන් පදක්කම් මේසයම ශ්‍රී ලංකාවට

editorial - 2025 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ භූතාන බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ කේවල සහ යුගල ඉසව්වල රන් පදක්කම් 15 න් 14 ක්ම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

අවසන් පූර්ව තරග 30 න් 25 කට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන් තරග 21 ක්ම ජය ලැබූහ. ඒ අනුව අවසන් මහ තරග 15 න් 5 කදීම රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් තරග වැදුණේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක්ය.  

එම තරග 5 ද සමග සෙසු අවසන් මහ තරග 10 න් 9 ක් ජය ලැබූ ශ්‍රී ලංකාව, පරාජයට පත් වූයේ වයස 15 න් පහළ බාලක කේවල අවසන් මහ තරගය පමණි. ඒ අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 6 ක්ද හිමිවිය. 

ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක භූතානය සමගින් බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානයද එක්ව සිටි මෙම තරගාවලියේදී අවුරුදු 23 න් පහළ, 17 න් පහළ සහ 15 න් පහළ යන වයස් කාණ්ඩ 3 යටතේ කේවල, යුගල සහ මිශ්‍ර යුගල තරග පැවැත්විණ. 

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ඇතුළත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හසිත චානක මහතා කටයුතු කළේය. අමන්ද ලලීන්ද්‍ර වීරසිංහ මහතා කළමනාකරු ලෙසත්, හසලිකා මහත්මිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙසත් තරගාවලියට එක්වූහ. 


අවුරුදු 23 න් පහළ 

■ පිරිමි කේවල 
විරේන් නෙත්තසිංහ විසින් වට 2-1 ක් ලෙස දුමිඳු අබේවික්‍රම පරාජය කරන ලදි. (21/08, 15/21 21/17) 

■ කාන්තා කේවල
රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස රෂ්මි මුදලිගේ පරාජය කරන ලදි. (21/09, 21/10)
 
■ පිරිමි යුගල 
දුමිඳු අබේවික්‍රම සහ විරේන් නෙත්තසිංහ විසින් වට 2-0 ක් ලෙස ප්‍රින්ස් දයාල් සහ ක්ෂිටිස් ඛනාල් (නේපාලය) පරාජය කරන ලදහ. (21/12, 21/11) 

■ කාන්තා යුගල
රනිත්මා ලියනගේ සහ රෂ්මි මුදලිගේ විසින් වට 2-0 ක් ලෙස රසීලා මහරාජන් සහ අයුෂ්මා නේපාල් (නේපාලය) පරාජය කරන ලදහ. (21/13, 21/05) 

■ මිශ්‍ර යුගල
විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස මුහම්මද් අද්නාන් සහ අමාරා ඉෂ්ටියාක් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/08, 21/12) 


අවුරුදු 17 න් පහළ 
■ බාලක කේවල 
කෙනෙත් අරුග්ගොඩ විසින් වට 2-0 ක් ලෙස සෙනුත් සෙත්මිත පරාජය කරන ලදි. (21/08, 23/21) 

■ බාලිකා කේවල
නෙත්මි රත්නායක විසින් වට 2-0 ක් ලෙස විෂ්වනී වන්නිආරච්චි පරාජය කරන ලදි. (21/08, 21/10) 

■ බාලක යුගල 
කෙනෙත් අරුග්ගොඩ සහ සෙනුත් සෙත්මිත විසින් වට 2-1 ක් ලෙස සදිප් රායි සහ සුබින් ශ්‍රෙස්තා (නේපාලය) පරාජය කරන ලදහ. (21/17, 19/21, 21/16) 

■ බාලිකා යුගල 
නෙත්මි රත්නායක සහ විෂ්වනී වන්නිආරච්චි විසින් වට 2-1 ක් ලෙස දිලාෂා රානා සහ රිහානා ශ්‍රේර්චන් (නේපාලය) පරාජය කරන ලදහ. (21/19, 11/21, 21/19) 

■ මිශ්‍ර යුගල 
කෙනෙත් අරුග්ගොඩ සහ නෙත්මි රත්නායක විසින් වට 2-0 ක් ලෙස හම්ඩ් උල්ලා ඛලීල් සහ හුම්නා ඉර්ෂාඩ් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/10, 21/19) 


අවුරුදු 15 න් පහළ 
■ බාලක කේවල 
සුදේෂ් රාජ්කෝටි (නේපාලය) විසින් වට 2-0 ක් ලෙස රනිතු ප්‍රේමරත්න පරාජය කරන ලදි. (25/23, 21/14) 

■ බාලිකා කේවල
නිතිනි ගුරුගේ විසින් වට 2-0 ක් ලෙස ලිමන්දි ගජාලි පරාජය කරන ලදි. (21/18, 21/08) 

■ බාලක යුගල 
තමිඳු ප්‍රනාන්දු සහ රනිතු ප්‍රේමරත්න විසින් වට 2-0 ක් ලෙස සුදේෂ් රාජ්කෝටි සහ දීප් තින්ග් (නේපාලය) පරාජය කරන ලදහ. (21/10, 21/09) 


■ බාලිකා යුගල
ලිමන්දි ගජාලි සහ නිතිනි ගුරුගේ විසින් වට 2-1 ක් ලෙස නිවා රායි  සහ ස්වෝර්ලීන් ෂ්රේස්තා (නේපාලය) පරාජය කරන ලදහ. (21/13, 14/21, 21/11) 


■ මිශ්‍ර යුගල
තමිඳු ප්‍රනාන්දු සහ නිතිනි ගුරුගේ විසින් වට 2-0 ක් ලෙස දීප් තින්ග් සහ නීවා රායි (නේපාලය) පරාජය කරන ලදහ. (21/13, 21/14) 


අදහස් (0)

රන් පදක්කම් මේසයම ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.