Last Update  :  2026-02-18 00:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේපාලය ස්කොට්ලන්තය පරදවයි
විස්සයි-20 ලෝක කුසලාන

නේපාලය ස්කොට්ලන්තය පරදවයි

editorial - 2026 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීපේන්ද්‍ර සිං ආරිගේ පිතිහරඹය හමුවේ ස්කොට්ලන්තය කඩුලු 7 කින් පරාජය කළ නේපාල ක්‍රීඩකයෝ වසර 12 කට පසුව ලෝක කුසලාන තරගාවලියකදී ජයග්‍රහණයක් අත්පත් කරගත්හ. 

මුම්බායි නුවර වැන්කඩේ පිටියේදී පැවැති මෙම තරගයේදී ස්කොට්ලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් ලබාගත්තේය. එහෙත් දීපේන්ද්‍ර සිං ආරි පන්දු 23 කින් ලබාගත් අර්ධ ශතකය නිසා නේපාලක ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ. 

නේපාල කණ්ඩායමක් අවසන් වරට ලෝක කුෂලාන තරග ජයක් ලබා තිබුණේ 2014 දීය. අද ලබාගත් ජය ඔවුන් වසර 12 කට පසුව ලබාගත් ජයග්‍රහණයකි. නේපාලය මේ දක්වා ලබාගෙන ඇත්තේ ලෝක කුෂලාන තරග 3 ක ජය පමණි. 

ඕවර 9 කින් ලකුණු 74 ක් ලබා සිටින නේපාලයේ කඩුලු තුනක් ලකුණු 24 ක් ඇතුළත බිඳ වැටිණ. පිට දඟ පන්දු යවන මයිකල් ලීස්ක් හමුවේ පිතිකරුවන් තිදෙනකු දැවී ගිය පසුව ජයග්‍රහණය සඳහා නේපාලටය පන්දු 40 කින් ලකුණු 73 ක් අවශ්‍යව තිබිණ. මෙම අවස්ථාවේදී එක්වූ දීපේන්ද්‍ර සිං ආරි (නොදැවී 50) සහ ගුල්ෂාන් ජා (නොදැවී 24) එක්ව නේපාලය ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 

කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුෂාල් භූර්තල් (43) සහ අසීෆ් ෂෙයික් (33) දෙදෙනා එක්ව ඉනිමේ ප්‍රවේශයේදී (ඕවර 1-06) ලකුණු 56 ක් එකතු කර තිබීමෙන් මැද පෙළ පිතිකරුවන්ගේ පීඩනය ළිහිල් විය. 

ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ට 170 යි
(ජෝර්ජ් මන්සි 27, මයිකල් ජෝන්ස් 71, බ්‍රෙන්ඩන් මැක්මුලන් 25, රිචී බැරිංග්ටන් 10, මාක් වොට් නොදැවී 10, සොම්පල් කමී 25/3, නේදන් යාදව් 34/2)

නේපාලය - ඕවර 19.2 කදී කඩුලු 3 ට 171 යි
(කුෂාල් භූර්තල් 43, අසිෆ් ෂෙයික් 33, රෝහිත් පෞඩල් 16, දීපේන්ද්‍ර සිං ආරි නොදැවී 50, ගුල්ෂාන් ජා නොදැවී 24, මයිකල් ලීස්ක් 30/3)

- 213


අදහස් (0)

නේපාලය ස්කොට්ලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.