ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසර දෙකක කාලයක් තුළ ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගාවලිවලදී පදක්කම් දිනූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් ලක්‍ෂ 40 අධික මුදල් ත්‍යාග ක‍්‍රීඩා අමාත්‍යාංශය අද (11) ප‍්‍රදානය කෙරිණ.
ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (11) පැවැති උත්සවයේදී මෙම ත්‍යාග මුදල් ප‍්‍රදානය කළේය.
මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනකු සදහා රුපියල් 3,375,000 ක් ද, පුහුණුකරුවන් හත් දෙනා සදහා රුපියල් 843,750 ක මුදලක් ද, ප‍්‍රදානය කෙරිණි.
ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලිය (2015), ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය (2014) සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලිය (2013) යන තරගාවලිවලදී පදක්කම් දිනූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මුදල් ත්‍යාග ලැබූහ.
චීනයේ වුහාන්හිදී පසුගියදා අවසන් වූ 21 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මීටර 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ඩබ්ලිව්. කේ. එල්. ඒ. නිමාලි මෙහිදී රුපියල් 750,000 මුදල් ත්‍යාගයක් හිමිකර ගත්තාය. නිමාලිගේ පුහුණුකරු වන සූරියවැව ක‍්‍රීඩා නිලධාරී එස්. එන්. අබේසේකර මහතාට රුපියල් 187,500 ක මුදල් ත්‍යාගයක් හිමිවිය.
මැලේසියාවේදී 2013 වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රීදි පදක්කමක් දිනූ ඞී. එම්. අයි. සී. දිසානායක මෙහිදී රුපියල් ලක්‍ෂ 10 ත ත්‍යාගයක් ලැබීම කැපී පෙනුණි. දිසානායකගේ පුහුණුකරු වන ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ආර්. බී. වික‍්‍රමසිංහ මහතාට රුපියල් 250,000 ක මුදල් ත්‍යාගයක් හිමිවිය.
| ත්‍යාග ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහ පුහුණුකරුවෝ | |||||
| ක‍්‍රීඩකයා | ඉසව්ව | පදක්කම | තෑගි මුදල | පුහුණුකරු | තෑගි මුදල |
| ඩබ්ලිව්. කේ. එල්. ඒ. නිමාලි | මීටර 800 | ලෝකඩ | 750,000 | එස්. එන්. අබේසේකර | 187,500 |
| හිමාෂ ඒෂාන් | මීටර 100 | රිදී | 400,000 | එම්. සී. කේ. පෙරේරා | 100,000 |
| කෞෂල්‍යා මධුෂානි | මීටර 400 කඩුලු | රිදී | 400,000 | නලින්ද සෙනරත් | 100,000 |
| විදුෂා ලක්‍ෂානි | තුන් පිම්ම | ලෝකඩ | 300,000 | පිලිප් රංජිත් පෙරේරා | 75,000 |
| ඞී. එම්. අයි. සී. දිසානායක | බර ඉසිලීම | රිදී | 1,000,000 | ආර්. බී. වික‍්‍රමසිංහ | 250,000 |
| ඞී. කේ. ටී. වී. කේ. පළඟසිංහ | බර ඉසිලීම | රිදී | 300,000 | ඒ. ආර්. ඞී. වංසපුර | 75,000 |
| සංගීත් විජේසූරිය | බර ඉසිලීම | ලෝකඩ | 225,000 | අතුල විජේවික‍්‍රම | 56,250 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.