Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිදහස් ඉන්දියාවේ පළමු මලල ක්‍රීඩා රන් පදක්කම

නිදහස් ඉන්දියාවේ පළමු මලල ක්‍රීඩා රන් පදක්කම

editorial - 2021 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිදහස් ඉන්දියාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් පළමු මලල ක්‍රීඩකයා ලෙසින් ඉන්දියාවේ ඉතිහාස පොතට එක්වූ නීරාජ් චොප්රා ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තේය. වමත් කාරයකු වන චොප්රා රන් පදක්කම දිනාගත්තේ මීටර 87.58 ක් දුරට හෙල්ල විසි කරමිනි.

වර්ෂ 1900 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර 200 ඉසව්ව වෙනුවෙන් මෙන්ම මීටර 200 කඩුලු පැන දිවීම ඉසව්වෙන්ද (මේ වන විට මෙම ඉසව්ව මලල ක්‍රීඩා තරග වලින් ඉවත් කර තිබේ) ඉන්දියාව නියෝජනය කළ නෝමන් පිචාඩ් රිදී පදක්කම් දිනා ගත්තේය. ඒ වන විට ඉන්දියාව මහා බි්‍රතාන්‍යයේ යටත් විජිතයක් වූ බැවින් ඉන්දියාව මෙන්ම මහා බි්‍රතාන්‍යයද එම රිදී පදක්කමට අයිතිවාසිකම් කීහ. එහෙත් මෙවර රන් පදක්කමේ අයිතිය ඉන්දියාවට තනිකරවම හිමිවෙයි.

මීටර 86.87 ක් දුරක් හෙල්ල විසිකළ චෙක් ජනරජයේ ජේකබ් වද්ලේච් රිදී පදක්කම දිනාගත් අතර චෙක් ජනරජයේම විට්ස්ලෝව් වෙස්ලි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මීටර 85.44 ක් හෙල්ලය විසි කරමිනි.

පදක්කම් පුවරුවේ 65 වැනි ස්ථානයේ සිටි ඉන්දියාව මෙම රන් පදක්කම හේතුවෙන් 47 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. එපමණක් නොව, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී දිනාගත් සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව (6 යි) ට පසුව ඔලිම්පික් උළෙලකදී නිදහස් ඉන්දියාව විසින් දිනාගන්නා ලද වැඩිම පදක්කම් සංඛ්‍යාවද මෙයයි.

සුදුසුකම් තේරීමේ වටයේ පළමු උත්සාහයේදීම මීටර 86.65 ක දුරක් හෙල්ලය විසිකළ නීරාජ් ඉතා පහසුවෙන්ම කඩයිම් රේඛාව වූ මීටර 83.50 පසුකළේය. එම විසිකරීම වෙනුවෙන් ඔහු ගතකළේ තත්පර 12 ක් පමණ කාලයකි.

හර්යානා ප්‍රාන්තයේ චොප්රාගේ නිවස ආසන්නයේ පිහිටුවා තිබූ දැවැන්ත රූපවාහිනී තිරයක් ඔස්සේ ඔහුගේ හෙල්ල විසිකිරීම් දෙස බලා සිටි නිරාජගේ අසල්වැසියෝ මෙන්ම ප්‍රාන්ත වාසීහු ඔහු ජයග්‍රාහකයා වීමත් සමගම මහත් උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා නැඟූහ.


 - 213

 


අදහස් (0)

නිදහස් ඉන්දියාවේ පළමු මලල ක්‍රීඩා රන් පදක්කම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.