

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කෙන්යාවේ පෙරේස් ජෙප්චිර්චිර් අද (7 වැනිදා) සමත් වූවාය. නියමිත කිලෝ මීටර් 42.195 දුර නිමා කිරීම සඳහා පෙරේස් පැය 2 යි, විනාඩි 27 යි, තත්ත්පර 20 ක කාලයක් ගත කළාය.
විසිහත් හැවිරිදි පෙරේස්, ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වන නමුත් එහිදී සිය හොඳම කාලය වාර්තා කිරීමට ඇය අපොහොසත් වූවාය. මැරතන් ඉසව්ව සඳහා ඇගේ හොඳම කාලය ලෙස සටහන් වන්නේ පැය 2 යි, විනාඩි 17 යි, තත්ත්පර 16 කි.
පෙරේස් වඩා තත්ත්පර 0.16 ක් පසුපසින් තරගය නිමා කළ කෙන්යාවේම බ්‍රිජට් කොස්ගේයි (පැය 2:27:36) එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර ඇමරිකාවේ මොලී සීඩල් (පැය 2:27:46) එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ පෙරේස් වඩා තත්ත්පර 0.26 ක් පසුපසින් තරගය නිමා කරමිනි.



-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.