Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඇමරිකානු සහාය දිවීමේ කණ්ඩායම ඉවතට

ඇමරිකානු සහාය දිවීමේ කණ්ඩායම ඉවතට

editorial - 2021 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

මෙම වසරේ ලොව වේගවත්ම මිනිසුන් තිදෙනා සමග ටෝකියෝව වෙත පැමිණි ඇමරිකානු එක්සත් ජනපද මීටර 100 x 4 සහාය දිවීමේ කණ්ඩායම අනපේක්ෂි ත ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. මෙම ඉසව්වේ රන් පදක්කම ඔවුන් දිනාගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද අද (05දා) පැවැති මීටර 100 x 4 සහාය දිවීමේ ඉසව්වේ මූලික තරග අවසානයේදී ඇමරිකානු කණ්ඩායම ඉවතට විසිවිය. 

ට්රේවවොන් බ්රොයමෙල්, ෆ්රෙීඩ් කර්ලි, රොනී බේකර් සහ ක්රේේවන් ගිලෙස්පි ඇතුළත් වූ ඇමරිකානු කණ්ඩායම මෙම ඉසව්වේ දෙවැනි මූලික තරගයට සහභාගි විය. එහිදී ඔවුන්ගේ තරග කාලය 38.10 ක් වූ අතර, එය මෙම කාලසීමාවේ ඔවුන් වාර්තාකළ හොඳම කාලයද විය. කෙසේ නමුත් අවාසනාවට ඔවුන්ට හිමි වූයේ මූලික තරගයේ 06 වැනි ස්ථානයයි. ඒ හේතුවෙන් ඔවුන්ට අවසන් තරගයට පිවිසීමට නොහැකි විය. 

මෙම කාලය මූලික තරග දෙක අවසානයේ කණ්ඩායමක් දැක්වූ 08 වැනි හොඳම කාලයද වෙයි. කෙසේ නමුත් අවසන් වටයට පිවිසීමට හැකිවන්නේ මූලික වටයේ පළමු ස්ථාන තුන දිනාගත් කණ්ඩායම් වලට සහ වේගවත්ම කාලය වාර්තාකළ තවත් කණ්ඩායම් දෙකකට පමණි.

ඒ අනුව මෙහි අවසන් තරගය සඳහා ජැමෙයිකාව, චීනය, කැනඩාව, ඉතාලිය, මහා බ්රිුතාන්යා, ජර්මනිය, ඝානාව හා ජපානය සුදුසුකම් ලබාගත්තේය. මෙම තරගය ශ්රීර ලංකා වේලාවෙන් හෙට (06දා) ප.ව. 7.00 ට පැවැත්වේ. 

 


අදහස් (0)

ඇමරිකානු සහාය දිවීමේ කණ්ඩායම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.