Last Update  :  2026-01-09 21:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics බිමල්ගේ සහායට පොලිස් අධිකාරී සුගත් කුමාර නාමයෝජනා දෙයි

බිමල්ගේ සහායට පොලිස් අධිකාරී සුගත් කුමාර නාමයෝජනා දෙයි

editorial - 2026 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මීළග නිලවරණය (2026 - 28) සදහා නාමයෝජනා භාර ගැනීම ආරම්භ කිරීමත් සමග සභාපති ධූරය සදහා බිමල් ජයසිංහ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් කුමාර ගලගමගේ යන මහත්වරුන් ඊයේ (8) නාමයෝජනා බාර දුන්නේය.

වාර්තා වන පරිදි සුගත් කුමාර මහතා බිමල් ජයසිංහ මහතාට සහාය පළ කරමින් එම පාර්ශවයෙන් නාම යෝජනා බාරදී ඇත.ඔහු මේ වන විට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.

ඊයේ නාමයෝජනා ඉදිරිපත් කර සිටි ඔවුන් දෙදෙනාම නවක අපේක්ෂකයන් වීම කැපී පෙනේ.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (සංගමයේ) හිටපු සභාපතිවරයකු වන සුනිල් ගුණවර්ධන, වෙ​ෙළද සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිරි යන මහත්වරුන්ද මෙවර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයේදී සසභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින සෙසු ප්‍රධාන අපේක්ෂකයෝ වෙති.

මෙවර මලල ක්‍රීඩා නිලවරණය සදහා නාමයෝජනා භාර ගැනීම ලබන සදුදා (13) දහවල් 12 දක්වා බාර ගැනේ.

ඊයේ නාමයෝජනා දුන් සෙසු අඅපේක්ෂකයන් අතර ප්‍රධාන ලේකම් ධූරයට තරග වදින මාධව බන්ඩාර සෙනරත් හා ජයන්ත සියමුදලි යන මහත්වරුන්ද වෙති.

ඒ අතර සියමුදලි මහතා උප සභාපති ධූරයකටද නාමයෝජනාදී තිබේ.ජගත් ඥානසිරි මහතා උප සභාපති ධූරයකට නාමයෝජනා ඊයේ බාර දුන් තවත් අපේක්ෂකයෙකි.කෙසේවූවත් ක්‍රීඩා පනතට මෑතදි වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් හදුන්වා දුන් නව රෙගුලාසී මාලාවට අනුව ජාතික ක්‍රිඩා සංගමයක විධායක සභාවක උප සභාපති ධූර උපරිම දෙකකට සීමා කර ඇත.

එහෙත් මලල ක්‍රීඩා ආයතනයේ මේ දක්වා විධායක සභාවේ උප සභාපති ධූර හතක් ක්‍රියාත්මක විය.පසුගිය අගෝස්තු 18 වැනිදා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබියදී ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ උපදෙස් පරිදි එය දින නියමයකින් තොරව කල් දැමීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රාජකාරී ආවරණ) ධූරයේ ඒවන විට කටයුතු කරමින් සිටි වී. ප්‍රේමචන්දිරන් මහතා කටයුතු කළේය.

ඊයේ නාමයෝජනා බාර දුන් බිමල් විජේසිංහ මහතා ඕල්කට් පාසල් එකමුතුවේ වත්මන් සභාපතිවරයායි.

කෙසේවූවත් නැවැත කැඳවෙන මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2026 - 28) සදහා නිලවරණ කමිටුව මෙතෙක් දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ අත් හිටුවූ නිලවරණය නැවැත කැඳවීමේ අරමුණින් නිලවරණ කම්ටුව පත් කර ගැනීම පසු ගිය දෙසැම්බර් 24 වැනිදා එහි විශේෂ මහ සභා රැස්වීමක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී නිලවරණය කැඳවෙන දිනය ඉදිරියේදී කමිටුව විසින් ප්‍රකාශයට පත් කෙරේ. පසුගිය අගෝස්තු 18 වැනිදා නිලවරණය කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසුව අගෝස්තු 25 වැනිදා ක්‍රීඩා ඇමැතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයකින් මලල ක්‍රීඩා ආයතනයේ පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා ගැණුනි.

ඒ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සදහාත් නව නිලධාරීන් පත් කර ගැනීම සදහාත් වන සීමිත කාරණා සම්පූර්ණ කර ගැනීම සදහාත් යන බව දක්වමිණි.


අදහස් (0)

බිමල්ගේ සහායට පොලිස් අධිකාරී සුගත් කුමාර නාමයෝජනා දෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.