Last Update  :  2024-09-18 11:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ලාහෝර් සාග් ක්‍රීඩා උළෙලට දින නියම කරයි

ලාහෝර් සාග් ක්‍රීඩා උළෙලට දින නියම කරයි

editorial - 2024 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
 
වසර කීපයක්ම කල් දැමූ 14 වැනි සාග් (දකුණු  ආසියානු) ක්‍රීඩා උළෙල  2025 පෙබරවාරි  1 වැනිදා  සිට 12 වැනිදා දක්වා පාකිස්තානයේ  ලාහෝර්  නුවරදී  පැවැත්වෙන  බව දකුණු  ආසියානු  ක්‍රීඩා සම්මේලනය නිවේදනය කර තිබේ. ඒ සඳහා පාකිස්ථානු රුපියල්  බිලියන දෙකක  වියදම් ඇස්තමේන්තුවක් එරට රජය විසින් අනුමත කර තිබේ.

වසර 2019 දෙසැම්බරයේදී කත්මන්දු   නුවරදී  13 වැනි සාග් ක්‍රීඩා උළෙල  පැවැත්වීමෙන් පසුව අනතුරුව යෙදුණු 14 වැනි සාග් ක්‍රීඩා  උළෙල  පැවැත්වීමට මෙතෙක් ගත් උත්සහයන් සාර්ථක නොවූයේ   කොවිඞ් වසංගතය ඇතුළුව  ඒ සදහා කලාපයේ බලවතා වන  ඉන්දියාවේ එකගතාවය  පළ නොවීම ආදී ප්‍රධාන කාරණා කීපයක් නිසාය.

”ලාහෝර්  2024”යනුවෙන් නිල හැදින්වීම කෙරෙන 14 වැනි සාග් ක්‍රීඩා උළෙලට  විස්සයි - 20  ක්‍රිකට් ඉසව්ව ඇතුළුව ක්‍රීඩ ඉසව් 37 ක් ඇතුළත් කර තිබේ.” අපි සමගියෙන් ක්‍රීඩාව සමරමු”

යන හේතු පාඨය ලාහෝර්  සාග් ක්‍රීඩා  උළෙලේ  තේමාවයි. ශ්‍රී  ලංකාව ඇතුළුව කලාපයේ රටවල් හතකින් ඒ සදහා ක්‍රීඩක  ක්‍රීඩිකාවෝ 2700 කට ආසන්න  පිරිසක් සහභාගි  වන බව මේ වනවිට   නිවේදනයවී තිබේ.
         
1984 කත්මන්දු  නුවරදී සාෆ් ක්‍රීඩා  උළෙල  යන නිල නාමයෙන් හැදින්වූ මෙම ක්‍රීඩා  උළෙල  පසුකාළීනව ”සාග්” ක්‍රීඩා උළෙල  යනුවෙන් හැදින්වීම ආරම්භ  කළේය. 

වසර 2004 ඉස්ලාමාබාද් ක්‍රීඩා උළෙලෙන් පසුව ශ්‍රී  ලංකාව සාග් ක්‍රීඩා සත්කාරය දරණ පළමු අවස්ථාව මෙයයි.1989 දීත් පාකිස්තානය සාෆ් ක්‍රීඩා උළෙලක සත්කාරය  දරා තිබේ.මෙවර ලාහෝර් සාග් ක්‍රීඩා උළෙලේ  සත්කාරය  පාකිස්තානය  දැරීමේදී ඉස්ලාමාබාද්, රාවල්පින්ඩි, ගුජරන්වවාලා, පන්ජාබ් ආදී තවත් නගර කිපයකදීත් ක්‍රීඩා ඉසව් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අවසන් වරට පැවැති 13 වැනි කත්මන්දු  සාග් ක්‍රීඩා උළෙලේදී ඉන්දියාව සමස්ත  ක්‍රීඩා උළෙලේ  ජයග්‍රාහකයා වුයේ රන් පදක්කම් 175 ක් දිනා ගනිමිණි.එහිදී ශ්‍රී  ලංකාව රන් පදක්කම් 40 ක් ( රිදී 84 ක් හා ලෝකඩ 128 ක්ද එකතුව) දිනා ක්‍රීඩා  උළෙලේ  තෙවැනි ස්ථානය ලැබීය.සත්කාරක නේපාලය එහිදී දෙවැනි ස්ථානය අත් කර ගත්තේ රන් පදක්කම් 51 දිනා ගැනීමෙනි.

1991 හා 2006 යන වසර වලදී පැවැති සාග් ක්‍රීඩා  උළෙල  දෙකක සත්කාරය  ශ්‍රී  ලංකාව දරා තිබේ.


අදහස් (0)

ලාහෝර් සාග් ක්‍රීඩා උළෙලට දින නියම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.