Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව 2023 Rugby World Cup ආර්ජන්ටිනාව - එංගලන්තය තුන්වැනි තැනට සටනේ
2023 රග්බි ලෝක කුසලාන

ආර්ජන්ටිනාව - එංගලන්තය තුන්වැනි තැනට සටනේ

editorial - 2023 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ලෝක කුසලාන තරගාවලියේ තුන්වැනි ස්ථානය තේරිමේ තරගය එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර හෙට (27 වැනිදා) පැරිස් නුවර ශාන්ත ඩෙනිස් හි පිහිටි පැරිස් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලියේ මූලික වටයේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ මෙම කණ්ඩායම් දෙක මීට පෙරදීත් එකිනෙකා හමුවී තිබේ. 

ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයේදී ලකුණු 44-6 කින් නවසීලන්තයට පරාජය විය. දෙවැනි අවසන් පූර්ව වටයට ක්‍රීඩා කළ එංගලන්තය පරදවා දකුණු අප්‍රිකානුවෝ ලකුණු 16-15 ක ජයක් ලබාගත්හ. එබැවින් ආර්ජන්ටිනාව සහ එංගලන්තය තුන්වැනි ස්ථානය සඳහා තරග වදිති. 

මෙම කණ්ඩායම් දෙක  මූලික වටයේදී මුණගැසුනු අවස්ථාවේදී එංගලන්තය 27-10 කින් ජයගත්තේය. 

රග්බි ක්‍රීඩාවේදී මෙම කණ්ඩායම් දෙකම අතපසුවීම් නොකරන කණ්ඩායම් දෙකකි. ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණියේ එවන් ගමනකි. හෙට තරගය ජයත්තද පරාජය වූවද, එංගලන්තය මෙන්ම ආර්ජන්ටිනාවත් ලෝකයේ හොඳම රග්බි කණ්ඩායම් 4 අතරේ සිටින බව කිසවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. 


- 213


අදහස් (0)

ආර්ජන්ටිනාව - එංගලන්තය තුන්වැනි තැනට සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.