Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජාතික කී‍්‍රඩා පනත සංශෝධනය කෙරෙයි

ජාතික කී‍්‍රඩා පනත සංශෝධනය කෙරෙයි

ශනුක අරවින්ද - 2015 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක‍්‍රීඩා පනත සංශෝධනය කිරීමේ මූලික කෙටුම්පත සකස් කර අවසන් වූ බව ජාතික ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව 2013 අංක 01 දරණ ජාතික ක‍්‍රීඩා පනතේ මතභේදයට තුඩුදුන් නියෝග ගණනාවක් ක‍්‍රීඩා අමාත්‍යාංශයේද එකඟතාවයෙන් සංශෝධනයට ලක්වුණු බව වාර්තාවේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා සමග පැවැති සාකච්ඡුාවේදී මූලික කෙටුම්පත සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවය පළ වී තිබේ.
වසර 2013 සැප්තැම්බර් මාසයේ සිට උද්ගත වී තිබුණු මෙම ප‍්‍රශ්නය ක‍්‍රීඩා ඇමැතිවරුන් තිදෙනෙකුගේ පාලන සමයන් දක්වා ඇදී ගිය අතර පසුව එය ඔලිම්පික් කමිටුව හා ක‍්‍රීඩා අමාත්‍යාංශය අතර මතගැටුමක් දක්වා වර්ධනය විය.

කී‍්‍රඩා අමාත්‍යංශය සහ ඔලිම්පික් කමිටුව අතර ගැටුම කොතෙක් දුරදිග ගියේද යත් එවකට ක‍්‍රීඩා ඇමැති ධුරය දැරූ මහින්දානන්ද අලූත්ගමගේ මහතාත් ශී‍්‍ර ලංකාවේ ඔලිම්පික් කමිටු ප‍්‍රධානීන් කිහිප දෙනාත් ස්විට්සර්ලන්තයේ පිහිටි සිය මූලස්ථානයට කැඳවා උපදෙස් ලබාදීමටද අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගත්තේය.

වසර 2013 සිට මේ දක්වා ඔලිම්පික් කමිටු ප‍්‍රධානීන් හා ක‍්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡුා වට ගණනාවක් පැවැත්වුණද අවසන් විසඳුමක් පිළිබඳව වාර්තා නොවුණි.

එම කිසිදු සාකච්ඡුාවකට සහභාගි නොවූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පසුගිය සෙනසුරාදා (14) ඔලිම්පික් නිවහනේදී පැවැති සාකච්ජාවක් සඳහා සහභාගි වෙමින් අවශ්‍ය උපදෙස් කෙළින්ම ලබාදීමට කටයුතු කර තිබේ. මේ නිසා වසර දෙකක් තිස්සේ ඇදී ගිය ක‍්‍රීඩා රෙගුලාසි ප‍්‍රශ්නය මූලික කෙටුම්පතක් සකස් කිරීමෙන් අවසන් වූ බව ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

සෙනසුරාදා ඔලිම්පික් නිවහනේදී පැවැති සාකච්ඡුාවට ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාත් ක‍්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි නීති උපදේශක ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාත්, ඔලිම්පික් කමිටුවේ නීති උපදේශක ඩිල්ෂාන් ජයසූරිය මහතාත් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වී තිබේ.

ක‍්‍රීඩා පනතේ 2013 අංක 1 දරණ ක‍්‍රීඩා රෙගුලාසි ප‍්‍රතිසංශෝධනය මූලික කෙටුම්පතක් ලෙස එදින සකස් කර අවසන් වූ බවද වාර්තාවේ. එම කෙටුම්පත ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ නිර්දේශයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිගත කිරීමට පෙර රජයේ නීතිපතිවරයා වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුව ඇත.

වාර්තා වන පරිදි ක‍්‍රීඩා පනතේ 2013 අංක 1 දරණ ක‍්‍රීඩා පනතේ අංක 13 හා අංක 17 යන වගන්ති දෙකද ඇතුළුව තවත් වගන්ති කීපයක් එහිදී ප‍්‍රතිසංශෝධනය කර තිබේ. වඩාත්ම මතභේදයට තුඩුදුන් වගන්ති ලෙස සැලකෙන්නේ මෙම වගන්ති දෙක බවද තතු දන්නෝ කියති.

ජාතික ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන්ට දැරිය හැකි ධූර කාලයන් හා ඒවායෙහි නිලවරණය පැවැත්වීමේදී තනතුරු පත් කළ යුතු ආකාරය පිළිබඳව එම වගන්ති දෙකෙන් කියැවේ.

ඒ අනුව එම වගන්තිවල අර්ථකථනය කර තිබෙන ආකාරයට නිලධාරීන් එක් වාරයක් පමණක් ජාතික ක‍්‍රීඩා සංගම් වල තනතුරු දැරීමේ කාලසීමාව පිළිබඳ වගන්තිය හා නිලවරණය රහස් ඡුන්දයෙන් පැවැත්වියයුතු යැයි සඳහන් නියමය අහෝසි කර ඇතැයිද වාර්තාවේ.

ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමු කීපයකදීම පැවැසුවේ ක‍්‍රීඩා පනතේ රෙගුලාසි ප‍්‍රතිසංශෝධනය දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බවය. ඒ අනුව ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ ලබන වසරේදී නැවැත විධිමත්ව කැඳවීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

නවීන් දිසානායක මහතා ක‍්‍රීඩා ඇමැති ධුරය දරන සමයේ එවකට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ එම්.අයි.එම්. රෆික් මහතා ජාතික ක‍්‍රීඩා සංගම්හි ලේකම්වරුන්ට නියෝගයක් නිකුත් කරමින් දන්වා සිටියේ 2013 අංක 1 දරන ක‍්‍රීඩා සංගම් රෙගුලාසි නියෝග මාලාව ප‍්‍රකාරව 2015 මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළයුතු බවය. ඒ අනුව ජාතික ක‍්‍රීඩා සංගම් ගණනාවක් නිලවරණ පැවැත්වුවත් තවත් සැළකිය යුතු ජාතික ක‍්‍රීඩා සංගම් ගණනාවක් මතභේදයට තුඩුදුන් ක‍්‍රීඩා රෙගුලාසි ප‍්‍රශ්නය හමුවේ නිලවරණ පැවැත්වීම ප‍්‍රමාද කළහ.

ඒ සම්බන්ධයෙන් පැනනැගුණු දේශීය අධිකරණ නියෝග මෙන්ම අන්තර් ජාතික ක‍්‍රීඩා මවු සංගම් එම ක‍්‍රීඩා රෙගුලාසි අරභයා ශ්‍රී ලංකාවට පැනවූ ඇතැම් වාරණයන් හා තහනම් නියෝග ද එම තත්ත්වයට බලපෑවේය.

 

 


අදහස් (0)

ජාතික කී‍්‍රඩා පනත සංශෝධනය කෙරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.