Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ගුවන් හමුදාව - වරාය ශූරතා දිනති

ගුවන් හමුදාව - වරාය ශූරතා දිනති

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වොලිබෝල් ශූරතාවලියේ පිරිමි ‘සුපිරි කාණ්ඩයේ’ ශූරතාව දිනාගැනීමට වරාය අධිකාරියත් සමත් විය. ගුවන් හමුදා කණ්ඩායම විසින් කාන්තා සුපිරි කාණ්ඩයේ ශූරතාව දිනා ගන්නා ලදි. තරගාවලියේ අවසන් තරග ඊයේ (සෙනසුරාදා) මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


අවසන් මහ තරගයේදී වට 3--1 ක් ලෙස විදුලිබල මණ්ඩල කණ්ඩායම පරාජය කරමින් වරාය අධිකාරි කණ්ඩායම පිරිමි සුපිරි කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේය.


පළමු වටය ලකුණු 25/20 ක් ලෙස ජයගැනීමට විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් වුවත් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට පිළිවෙලින් ලකුණු 25/17 ක්, 25/21 ක් සහ 25/19 ක් ලෙස ජයගැනීමට වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.


දක්ෂතම ක්‍රීඩකයා ලෙස වරාය අධිකාරි කණ්ඩායමේ ලසිඳු මෙත්මාල් සම්මාන දිනාගත් අතර එම කණ්ඩායමේ ආර්. එච්. දිසානායක දක්ෂතම පන්දු වළක්වන්නා ලෙසත්, අයි. වී. සාගර දක්ෂතම ග්‍රාහකයා ලෙසත්, එන්. සංජීව දක්ෂතම පන්දු සකසන්නා ලෙසත්, එස්. ඒ. ජනිත සුරත් දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙසත් සම්මාන ලැබූහ.


විදුලිබල මණ්ඩල කණ්ඩායමේ එච්. ඩී. රණවක දක්ෂතම ආක්‍රමණශීලි ක්‍රීඩකයා ලෙසත් ඒ. ඩබ්ලිව්. ලක්මාල් දක්ෂතම ආරක්‍ෂක ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්හ.


ගුවන් හමුදා කණ්ඩායම කාන්තා සුපිරි කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී වට 3--0 ක් ලෙස මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. කාන්තා අවසන් මහ තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 25/12 ක්, 25/10 ක් සහ 25/19 ක් ලෙසිනි.


කාන්තා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පන්දු වළක්වන්නිය ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ ආර්. එන්. රණසිංහ සම්මාන දිනාගත්තාය. ගුවන් හමුදාවේම එස්. මධුරංගා දක්ෂතම ආරක්‍ෂක ක්‍රීඩිකාව ලෙසත්, ජේ. එච්. ප්‍රසාදිනී දක්ෂතම ආක්‍රමණශීලි ක්‍රීඩිකාව ලෙසත්, ඩබ්ලිව්. ඒ. සී. ජයතුංග දක්ෂතම පන්දු සකසන්නිය ලෙසත්, ඒ. එල්. ඒ. සඳමාලි දක්ෂතම පන්දු පිරිනමන්නිය ලෙසත් සම්මාන ලැබූහ.


කැෂුවලයින් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ එම්. ටී. මධුරංගි දක්ෂතම ග්‍රාහිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ‘මංචි’ නිශ්පාදකයන් වන සිලෝන් බිස්කට්ස් සමාගම කටයුතු කළේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සී. රත්නමුදලි යන මහත්වරුන්ගේ සහ සිලෝන් බිස්කට් සමාගමේ සමූහ සාමාන්‍යාධිකාරිනි (අළෙවි) තේරා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණ.

 

 

ඡායාරූප: වරුණ කරුණාසේකර

- 036


අදහස් (0)

ගුවන් හමුදාව - වරාය ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.