Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_19_cricket ස්වර්ණ සිංහ සටන ජය පැරදුමෙන් තොරයි

ස්වර්ණ සිංහ සටන ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 8 වැනි ‘ස්වර්ණ සිංහ’ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (6 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ධර්මපාල කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටි අතර ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි නවීන් නවිඳු ලකුණු 35 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ධර්මපාල විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 378 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ චමිඳු සමරසිංහ (104) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර අමිල දයන්ක (69), නවිඳු නවීන් (56), අවිෂ්ක හසරිඳ (52) සහ දුලාජ් එගොඩගේ (නොදැවී 51) අර්ධ ශතක ලබාගත්හ.

රාහුල විදුහලට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 330 ක් පමණි. එහිදී සසිත් මනුරංග ලකුණු 141 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර රාහුල ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් තරිඳු රාජපක්ෂ ලකුණු 97 ක් රැස්කළේය.


ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 71 කදී කඩුලු 5 ක් දැවී 378
(චමිඳු සමරසිංහ 104, අමිල දයන්ක 69, නවිඳු නවීන් 56, අවිෂ්ක හසරිඳ 52, දුලාජ් එගොඩගේ නොදැවී 51, පසිඳු අවිෂ්ක 68/2)

රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 96.1 කදී සියලු දෙනා දැවී 330
(සසිත් මනුරංග 141, තරිඳු රාජපක්ෂ 97, සහන් බණ්ඩාර 24, බිනර සංඛේත් 21, සංචන ලංකා 24/3, කාවින්ද නිෂාන් 45/3, චමිඳු සමරසිංහ 83/2)

ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - ඕවර 6.4 කදී කඩුලු 2 ක් දැවී 68
(නවිඳු නවීන් නොදැවී 35, සසිත් මනුරංග 24/2)


-036

 


අදහස් (0)

ස්වර්ණ සිංහ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.