Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට

ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට පිවිසියේය.


ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 137
(චමල්ක බණ්ඩාර නොදැවී 31, ළහිරු අබේසිංහ 22, නදීල් රජුඩීන් 20/3, බාසික සස්මින් 33/3, පහන් කෞෂල්‍ය 27/2)

ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 32 කදී සියලු දෙනා දැවී 103
(පහන් කෞෂල්‍ය 28, තිසර ඒකානායක නොදැවී 24, ළහිරු අබේසිංහ 21/3, ඉඳුවර ගලප්පත්ති 16/2)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.