Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිව්වැනි එක්දින තරගයේ නායකත්වය මාලිංගට

සිව්වැනි එක්දින තරගයේ නායකත්වය මාලිංගට

Nisanka Sandeepani - 2017 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වන එක්දින තරගාවලියේ සිවුවැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් ලසිත් මාලිංග පත්කර තිබේ. මෙම තරගය මේ මස 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග තරග තහනමකට මුහුණ දීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වය සඳහා නම්කරනු ලැබ සිටියේ චාමර කපුගෙදර වුවත් පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් චාමර කපුගෙදර 31 වැනිදා තරගයට සහභාගි නොවන බව වාර්තා වේ. ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ තීරණ ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ කිසියම් ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් චාමර කපුගෙදර 31 වැනිදා තරගයෙන් ඉවත් කර ඇති බවයි.

මේ අතර ලසිත් මාලිංග කණ්ඩායම් කළමණාකාරීත්වයට පවසා ඇත්තේ නායකත්වය බාරගැනීමට තමන් සූදානම් බවත් තරගය සඳහා වෙනමම පිතිහරඹ සැලැස්මක් තමන්ට ඇති බවත්ය. මේ වන විට එක්දින කඩුලු 299 ක් ලබා සිටින ලසිත් මාලිංග සිය 300 වැනි කඩුල්ල දවාගැනීමෙන් පසුව එක්දින තරග බිමෙන් ඉවත්වීමට සැලසුම් කර ඇති බවද වාර්තාවේ. මේ දක්වා එක්දින තරග 202 කට සහභාගි වී සිටින ලසිත් මාලිංග ශ්‍රී ලංකාවේ 21 වැනි එක්දින නායකයා වෙයි.

ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර ශ්‍රී ලංකා සංචිතය ආසන්නයටම කැඳවා සිටින අතර ධනුෂ්ක ගුණතිලකට ක්‍රීඩා කළ නොහැකි නම් ඔහුගේ ස්ථානය මුණවීරට හිමිවනු ඇතැයි කියැවේ. කණ්ඩායමේ අනෙක් ස්ථානය වනිඳු හසරංගට හෝ තිසර පෙරේරාට හිමිවනු ඇත.


අදහස් (0)

සිව්වැනි එක්දින තරගයේ නායකත්වය මාලිංගට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.