Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 28 ක ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 28 ක ජයක්

editorial - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු වයස 19 න් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (26) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 28 ක ජයක් ලැබීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු යොවුන් පිල 47.3 කදී ලකුණු 208 කට සීමා විය. දිලුම් තිලකරත්න (26/3) සහ නවෝද් පරණවිතාන (31/2) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් පාකිස්තානු පිලේ ජයග්‍රහණය උදුරාගැනීමට සමත් වූහ.

පාකිස්තානු පිල 40 වැනි ඕවරයේ පළමු පන්දුව අවසන් වන විට කඩුලු තුනක් දැවී ලකුණු 179 ක් රැස්කර ප්‍රබල තත්ත්වයක පසුවිය. දිලුම් තිලකරත්න මුළු ලකුණු 197 ක්ව තිබියදී පන්දු තුනකින් කඩුලු දෙකක් දවාගනිමින් තරගය වෙනස් කිරීමට සමත් විය.

පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වූ හයිදීර් අලී (51) සහ සයිම් අයුබ් (31) ලකුණු 85 ක සම්බන්ධතාවක් පැවැත්වමින් ප්‍රබල තත්ත්වයක තැබූහ.  

පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 234 ක් පමණක් රැස්කළේය.

ශ්‍රී ලංකා පිලේ මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් හය දෙනකු ලකුණු 20 තුළ දැවී යෑමෙන් පහසුවෙන් ලකුණු 250 ක් පසුකර යෑමට තිබූ අවස්ථාව මඟ හැරුණි. එහිදී පිතිකරුවන් සිවුදෙනකුම දුවද්දී දැවී යෑම වඩාත් කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගළ වූ නවෝද් පරණවිතාන (54) සහ කමිල් මිෂාර (65) අර්ධ ශතක රැස්කරමින් ලකුණු 122 ක සම්බන්ධතාවත් පැවැත්වූ අතර එම සම්බන්ධතාවට පන්දු 182 ක් වැය වීම මැද පෙළ පිතිකරුවන්ට පීඩනයක් බවට පත්විය.

කමිල් මිෂාර පන්දු 95 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 65 ක් රැස් කළේය. නවෝද පරණවිතාන පන්දු 93 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 54 ක් ලබාගත්තේය.  

අංක තුන ස්ථානයේ පන්දුවට පහර දුන් මොහොමඞ් ශමාෂ් පන්දු 47 කින් ලකුණු 42 ක් රැස් කරමින් පස්වැනි කඩුල්ල ලෙෂ දැවී ගියේය.

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක නිපු මාලිංග කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තේය.
දෙපිල අතර දෙවැනි තරගය සූරියවැවදීම හෙට (28) පැවැත්වීමට නියමිතය.
 

 

- 048


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 28 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.