Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 28 කට පසු එංගලන්තයත් අවසන් පූර්ව වටයට

වසර 28 කට පසු එංගලන්තයත් අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ හැරී මැග්වයර් සහ ඩෙලේ අලීගේ සුපිරි දක්ෂතා හමුවේ ස්වීඩනයට එරෙහිව පැවැති තරගයෙන් ගෝල 2-0 ක ජයක් ලැබූ එංගලන්තය වසර 28 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (7) සමත් විය. මෙම තරගය රුසියාවේ සමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ 30 වැනි මිනිත්තුවේදී එංගලන්ත ක්‍රීඩක හැරී මැග්වයර් හිසෙන් දැල වෙතට යොමු කරමින් ලබාගත් ගෝලයත් සමගින් තරගයේ පළමු භාගයේදීම එංගලන්තය පෙරමුණේ තැබීය.  හැරී මැග්වයර් ලබාගත් ගෝලයත් සමගින් එය ඔහුගේ පළමු අත්තර්ජාතික ගෝලය බවටද පත්විය.

 නැවතත් එංගලන්ත ක්‍රීඩක ඩිලේ අලි 59වැනි මිනිත්තුවේදී හිසෙන් දැලවෙත යොමු කරමින් ලබාගත් ගෝලයත් සමගින් එංගලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව සාක්ෂාත් විය. ස්විඩනයේ රොබින් ඔසෙන් සහ වික්ටර් ලින්ඞ්ලොෆ් ස්වීඩනයේ ජයග්‍රණය වෙනුවෙන් කැප වුවද,  එය තරගයේ ඉදිරියට යාමට තරම් ප්‍රමාණවත් නොවීය. එංගලන්තයේ දැල රකින්නා ස්වීඩනයේ ප්‍රහාරකයන්ගෙන් සිය කණ්ඩායම අවස්ථා කිහිපයකදීම බේරාගැනීම හමුවේ අවසානය තෙක් ප්‍රතිවාදි ස්වීඩනයට තමන්ගේ එකදු ගෝලයක්වත් එංගලන්ත දැල රකින්නා පසුකර යැවීමට හැකියාව නොලැබුණි.  

එංගලන්තය මෙවර තරගාවාලිය ආරම්භයේදීම ටියුනීසියාවට එරෙහිව පැවැති තරගය ගෝල 2-1 කින් ජයගනිමින් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත්විය. පළමු ජයග්‍රහණය ලැබීමත් සමගම එංගලන්තයේ හිටපු නායක ඬේවිඞ් බෙකම් පවසා සිටියේ මෙවර තරගාවලියේ එංගලන්තය යම් පෙරළියක් සිදු කරන බවයි. එය සත්‍යයක් බවට පෙරළෙමින් පවතියි.

1966 වසරේ එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී පළමු වරට ලෝක කුසලානය දිනාගත් එංගලන්තයට නැවතත් අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට අවස්ථාවක් ලැබෙනුයේ 1990 වසරේ පමණි. ඉන් අනතුරුව නැවතත් 2006 වර්ෂයේ ඬේවිඞ් බෙකම්ගේ නායකත්වයෙන් යුතුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් එංගලන්තය මෙවර උපරිම දක්ෂතා දක්වමින් නැවතත් අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.
 
මේ වනවිටත් ප්‍රබලයන් රැසක් ලෝක කුසලානයට තිත තබා අවසන්ය. ප්‍රංශය, බෙල්ජියම සහ එංගලන්තය අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගනිද්දී, සත්කාර රුසියාව සහ ක්‍රෝඒෂියාව අද තවත් සටනකට ෆිෂ්ට් ක්‍රීඩාංගණයට පිවිසීමට නියමිතය. එයින් ජයගන්නා කණ්ඩායම සමගින් එංගලන්තය ලබන 11 වැනිදා ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී අවසන් පූර්ව වටයේදී තරග වදිනු ඇත.

 

- 024


අදහස් (0)

වසර 28 කට පසු එංගලන්තයත් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.