Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේ පාරත් ලේසි වෙන්නේ නෑ - රහනේ

මේ පාරත් ලේසි වෙන්නේ නෑ - රහනේ

Nisanka Sandeepani - 2018 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය සිය 1000 වැනි ටෙස්ට් තරගය හෙට (1 වැනිදා) ආරම්භ කරයි. ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින්  සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමුවැන්න වන මෙම තරගය එජ්බැස්ටන්හිදී ආරම්භ වෙයි.

වසර 141 කට ඉහත, ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ එංගලන්තය ටෙස්ට් තරග 357 ක් ජයගෙන ඇති අතර තරග 297 ක් පරාජය වී තිබේ. එංගලන්තයේ 1000 වැනි ටෙස්ට් තරගයයේදී ප්‍රතිවාදියා වන ඉන්දියාව මේ දක්වා ටෙස්ට් තරග 522 කට සහභාගි වෙමින් තරග 145 ක් ජයගෙන තරග 160 ක් පරාජය වී තිබේ. කෙසේ වෙතත් මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ඉන්දියාවයි. 

ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 (ප්‍රසාද ලකුණු 125) වැජඹෙමින් සිටින නමුත් එංගලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පහසු එකක් නොවනු ඇතැයි ඉන්දීය පිලේ උපනායක අජින්ක්‍යා රහනේ පිළිගනී. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තය සිටින්නේ 5 වැනි ස්ථානයේය.

 දෙරට අතර අවසන් වරට එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී 3-1 ක තරගාවලි ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. 

එසේ වුවත් ඉන්දීය උපනායකයාගේ අදහස වන්නේ ගියවර තරගාවලියේ ප්‍රතිඵලය උඩු යටිකුරු කිරීමට තරම් සමත් කණ්ඩායමක් වත්මන් ඉන්දීය පිල සතුව සිටින බවයි. 

“දස්කම් අතින් බැලුවොත් කණ්ඩායම් දෙකම එක සමානයි. ඒ නිසා මේ වතාවේ තරගාවලිය අපේ මානසික ශක්තියට වගේම ධෛර්යසම්පන්න බවටත් හොඳ පරීක්‍ෂණයක් වේවි. ඒ කොහොම වුණත් මේ වතාවේ තරගාවලියත් ලේසි වෙන්නේ නෑ” යයි රහනේ පැවසීය. 

“අපි බලාපොරොත්තු වන්නේ ප්‍රතිඵලය ගැන නොසිතා හොඳ ක්‍රීඩාවක නිරත වීමටයි. ප්‍රතිඵලය ගැන හිතන්න ගියොත් අපි අනිවාරතේ පීඩනයට නතු වෙනවා....එංගලන්තයේදී ක්‍රීඩා කරන කොට හිතන්න තියෙන්නේ එක දෙයක් ගැන විතරයි. ඒ තමයි තියෙන තත්ත්වයට හැකි ඉක්මනින් අනුගත වීම” යයිද රහනේ පැවසීය. 

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මෙවර එංගලන්ත සංචාරයේදී මිශ්‍ර ප්‍රතිඵල අත්කරගෙන සිටී. එක්දින තරගාවලියේදී 2-1 ක පරාජයක් අත්විඳි ඉන්දීය පිල විස්සයි-20 තරගාවලියේදී 2-1 ක ජයක් අත්කරගත්තේය. 

එංගලන්තයේ ටෙස්ට් තරග වලදී පිතිකරුවන් සහ පන්දු යවන්නන්ගේ වාසිය තීරණය කරන්නේ පිටියට ඉහළින් තිබෙන වළාකුළයි. අහස වළාකුළින් බරව පවතින්නේ නම් වේග පන්දු යවන්නන්ට ඉතාමත් හිතකර තත්ත්වයක් නිර්මාණය වන නමුත් වළාකුළින් තොර වන්නේ නම් එය පිතිකරුවන්ට ඉතා යෝග්‍යය වෙයි. 

එබැවින් පිතිකරුවන්ගේ අරමුණ අභියෝගය වන්නේ වළාකුළු පහව යන තුරු සිය කඩුල්ල රැකගන සිටීමයි. 

මේ අතර එංගලන්ත පිලේ පළපුරුදු වේග පන්දු යවන්නා වන ස්ටුවර්ට් බ්‍රෝඞ් (හිටපු ආරම්භක පිතිකරු සහ වත්මන් තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතාගේ පුතණුවන්) නැවතත් කණ්ඩායමට එක්ව සිටී. එහෙත් අවසන් 11 දෙනා අතර බ්‍රෝඞ්ගේ ස්ථානය තවමත් ස්ථිර වී නැත. 

එංගලන්ත සංචිතයට වේග පන්දු යවන්නන් කිහිප දෙනකුම ඇතුළත් වී සිටින අතර 32 හැවිරිදි ස්ටුවර්ට් බ්‍රෝඞ් පළපුරුදු ක්‍රීඩකයකු වුවද ඔහුට ස්ථානය අහිමි වීමේ අවදානමක්ද තිබේ. 

“එක කාසියේ වාසිය, තණතීරුව, ඉදිරියේ ඇති කාර්ය බහුලත්වය ආදී මේ සියලු දේ එක්කම තීරණය වේවි. වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක් මේ ටෙස්ට් තරග පහටම ක්‍රීඩා කරාවි කියලා හිතනන් අමාරුයි”  යයිද තමන්ගේ ස්ථානය අහිමි වීමේ අවදානම සම්බන්ධයෙන් ස්ටුවර්ට් බ්‍රෝඞ් පැවසීය. 

“තරග කරන 11 දෙනා අතර ඔබ නොසිටියහොත් එයින් හිත නරක් කරගන්න එපා. ඒක ඔබෙන් කරන පළිගැනීමක්වත්, ඔබව කණ්ඩායමෙන් නෙරපා දැමීමක් වත් නෙමේ. ඒක තමයි කළමණාකරනය කියන්නේ. එය අපේ වේග පන්දු යවන්නන්ට හොඳම දේ කරන්න අවශ්‍ය පසුබිම සකසා දීමක්” වැනි දේ කණ්ඩායම ඇතුළේ කතා වෙනවා” යයිද බ්‍රෝඞ් පැවසීය. 

- 213


අදහස් (0)

මේ පාරත් ලේසි වෙන්නේ නෑ - රහනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.