Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයෝ සී. ආර්. පරදවති

මහනුවර ක්‍රීඩකයෝ සී. ආර්. පරදවති

යොහාන් භාසුර - 2020 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මහනුවර ක්‍රීඩා සමාජය දේශීය රග්බි පිටියේ රවාගෙන සිටින අධිපත්‍ය තව දුරටත් ආරක්‍ෂා කරගනිමින් අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අද (04) පැවැති තරගයේදී ලකුණු 41-27 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කළේය. මෙම ජයග්‍රහණය මහනුවර පිල පිට පිටම ලබාගත පස්වැනි ජයග්‍රහණයයි.

මහනුවර පිල මෙම ජයග්‍රහණයත් සමඟ අපරාජිත වාර්තාව රැකගනිමින් මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියි. මෙම තරගය ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (04) පස්වරුවේ පැවැත්විණි.

මහනුවර පිල වෙනුවෙන් උත්සාහක දිනුම් සහ ගෝල ප්‍රවර්ථන සම්පූර්ණ කළ සියලුම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.  මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 36-10 ක් ලෙස ලකුණු 26 කින් පෙරමුණේ පසුවිය.

තරගය ආරම්භ වී මිනිත්තු හයක් ගතවීමට පෙර මහනුවර පිලේ කවිඳු පෙරේරා, සී. ආර්. ගෝල සීමාව අක්‍රමණය කරමින් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. තරින්ද රත්වත්තේ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස මහනුවර පිල පෙරමුණ ගත්තේය.

දන්ෂා දයාන් ඉන් මිනිත්තු හතරකට පසුව මහනුවර පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. තරින්ද සුපුරුදු පරිදි එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 14-0 ක් බවට පත්විය.

මහනුවර පිලට 13 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර තරින්ද රත්වත්තේ විසින් සාර්ථක කරගනු ලැබීමෙන්  ලකුණු තත්ත්වය 17-0 ක් බවට පෙරලුණි.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක රොෂාන් වීරරත්න 18 වැනි මිනිත්තුවේදී මහනුවර පිලට තෙවැනි උත්සාහක දිනුම එකතු කළ අතර තරින්ද එයට අතිරේක ලකුණු එකතු කිරීමෙන් මහනුවර පිල ලකුණු 24-0 ක් ලෙස සී. ආර්. පිලේ බලාපොරොත්තු ගව් ගණනක් ඈතට ඇද දැම්මේය.

රීසා මුබාරක් 26 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත් සමඟ සී. ආර්. පිල ඉදිරියේ තිබූ බිංදුව ඉවත්වෙමින් ලකුණු පුවරුව 24-3 ක් බවට පත්විය. දන්ෂා දයාන් සිය දෙවැනි උත්සාහක දිනුම මහනුවර පිලට හිමිකරදීමත් සමඟ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 29 ක් බවට පත්විය.

ජාතික කණ්ඩායම නියෝජනය කළ කවිඳු ද කොස්තා 36 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට එකතු කළ උත්සාහක දිනුම රීසා මුබාරක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව ලකුණු තත්ත්වය 29-10 ක් විය. ජේසන් දිසානායක පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී මහනුවර පිලට පස්වැනි උත්සාහක දිනුම එකතු කළේය. තරින්ද රත්වත්තේ එම උත්සාහක දිනුමට අතිරේක ලකුණු මුසුකිරීමෙන් ලකුණු පුවරුව 36-10 ක් බවට පත්විය.

සුපුන් වර්ණකුලසූරිය දෙවැනි අර්ධයේ 12 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. ඒ අනුව ලකුණු පුවරුව 36-15 ක් බවට පත්විය.

 සී. ආර්. පිලට 22 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් උත්සාහක දිනුමෙන් ලකුණු තත්ත්වය 36-22 ක් බවට පත්වූ අතර ඉන් මිනිත්තු තුනකට පසුව ජනිඳු ඩිල්ෂාන් සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ සී. ආර්. පිල සිය ලකුණු සංඛ්‍යාව 27 ක් බවට පත්කරමින් ලකුණු පරතය නවයක් දක්වා පහතට ගෙන ඒමට සමත් විය.


නයිජල් රත්වත්තේ දෙවැනි අර්ධයේ 31 වැනි මිනිත්තුවේදී මහනුවර පිල ඉදිරියෙන් හයවැනි උත්සාහක දිනුම සටහන් කරමින් ඇතිවීමට තිබූ අවදානම මඟ හැරීයේය. ඒත් සමඟම ලකුණු පුවරුව 41-27 ක් ලෙස ප්‍රදර්ශනය විය.

 

 


අදහස් (1)

මහනුවර ක්‍රීඩකයෝ සී. ආර්. පරදවති
  • kumar abayasekara Monday, 06 January 2020 04:47 AM

    මහනුවර ක්‍රීඩා සමාජය විසින් සියලුම ක්‍රීඩා සහ කුසලානය දිනාගනීවි

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.