Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශය 33-9 කින් ඇමරිකාව පරදවයි

ප්‍රංශය 33-9 කින් ඇමරිකාව පරදවයි

editorial - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශය සහ ඇමරිකාව අතර ෆුකුඕකාහිදී අද (02) පැවැති ලෝක කුසලාන රග්බි තරගයෙන් ප්‍රංශ ක්‍රීඩකයෝ ලකුණු 33-9 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. ඇමරිකාව මෙම පරාජයත් සමඟ සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව සිටියි.
 
පළමු වටයේ ‘සී’ කාණ්ඩය යටතේ පැවැති මෙම තරගයෙන් ප්‍රංශය ජය ලැබීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වූ ආජන්ටිනාව තෙවැනි තැනට වැටුණි. ප්‍රංශය මේ වන විට සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 9 ක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. ආජන්ටිනාව තරග දෙකෙන් එකක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් සමගින් තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
 
ජයග්‍රාහි ප්‍රංශය ගෝල 4 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 33 රැස්කළේය. ඇමරිකාවට දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-6 ක් ලෙස ප්‍රංශය පෙරමුණේ පසුවිය.
තරගයේ හයවැනි මිනිත්තුවේදී ප්‍රංශ පිල උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. එහි ගෝල ප්‍රවර්ථන සාර්ථක කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ඇමරිකානු පිලට 19 වැනි මිනිත්තුවේදී මීටර 10 ක පමණ දුර සිට ලැබුණු දඩුවම් පහර සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-3 බවට පත්විය.
 
ෆීජිහිදී උපත ලැබූ ඇලිවෙර්ටි රාකා 24 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ප්‍රංශය ලකුණු 12-3 ක් ලෙස තව දුරටත් ඉදිරියට පැමිණියේය. ඒ. ජේ. මැක්ගිනිටි, ඇමරිකාවට 31 වැනි මිනිත්තුවලදී සාර්ථක කළ දඩුවම් පහරින් එකතු වූ ලකුණු තුනත් සමඟ ලකුණු තත්ත්වය 12-6 ක් බවට පත්විය.
 
ඒ. ජේ. මැක්ගිනිටි දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී තෙවැනි දඩුවම් පහර සාර්ථක කරමින් ලකුණු පුවරුව 12-9 ක් බවට පත්කරමින් පරතරය අඩුකරගත්තේය.

දෙවැනි අර්ධයේ 27 වැනි සහ 33 වැනි මිනිත්තුවලදී ප්‍රංශයට ගෝල දෙකකින් ලකුණු 14 ක් එකතු වීමත් සමඟ ඇමරිකාවෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඈත්විය. ප්‍රංශයට 33 වැනි මිනිත්තුවේදී සිවුවැනි උත්සාහක දිනුම එකතු වීමත් සමඟ අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිවිය.
 
ප්‍රංශයට තරගය අවසන් වීමට ආසන්නව තිබියදී ජෙෆර්සන් පොයිරොට් සම්පූර්ණ කළ උත්සාහක දිනුම ලොපීෂ් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ අවසන් ලකුණු තත්ත්වය 33-9 ක් බවට පත්විය.

- 048


අදහස් (0)

ප්‍රංශය 33-9 කින් ඇමරිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.