Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ට්‍රයල් බයිකිං ශූරයා ශ්‍රී ලංකාවේ

ට්‍රයල් බයිකිං ශූරයා ශ්‍රී ලංකාවේ

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

යතුරු පැදියෙන් වික්‍රමාන්විත දස්කම් පෙන්වන්නන් අතරින් 12 වරක් ලෝක ශූරතාව දිනු රෙඞ් බුල් ක්‍රීඩක ඩගී ලම්ප්කින් ‘ට්‍රයල් බයිකිං’ ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිය. අතිශය දුෂ්කර මාර්ග ඔස්සේ යතුරු පැදිය හසුරුවමින් අභියෝග ජය ගැනීම ‘ට්‍රයල් බයිකිං’  ක්‍රීඩාවේ අභියෝගයයි.


ලිස්සා යන දළ බෑවුම් සහ කඳුවැටි ඔස්සේ රූමස්සල කන්දට සහ උස්සන්ගොඩ රතු පස් කඳු මුදුනට ඩගී සිය යතුරු පැදියෙන් ගමන් කළේය. අඩි 82 ක් උස රාවණා ඇල්ල අබියසින් ගමන් කිරීම තමන්ට අභියෝගයක් වු බව ඩගී පවසයි.


හක්ගල තේ වතු අතරින් මීදුම නොතකා සිය යතුරු පැදිය පැද යාමටද ඔහු සමත් වූයේය. සිවු දිනක් ශ්‍රී ලංකාවේ ගත කළ ඩගීගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා රෙඞ් බුල් ආයතනය අනුග්‍රහය දැක්වීය.

 


-090

 


අදහස් (1)

ට්‍රයල් බයිකිං ශූරයා ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.