Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජෝර්ජියානුවෝ උරුගුවේ පිල පරදවති

ජෝර්ජියානුවෝ උරුගුවේ පිල පරදවති

editorial - 2019 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෝර්ජියානු රග්බි පිල විසින් ලකුණු 33-7 කින් උරුගුවේ පිල පරාජය කරනු ලැබීමත් සමගම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වඩාත් තරගකාරී කාණ්ඩය බවට ‘ඩී’ කාණ්ඩය අද (29) පත්විය. ජෝර්ජියාව තරග දෙකකදී ලැබූ පළමු ජය මෙය වන අතර මෙම තරගය කුමයාගාහිදී පැවැත්විණි.

ජෝර්ජියාව මෙහිදී අතිරේක ප්‍රසාද ලකුණද හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු 5 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙයි. වේල්සය සහ ඕස්ට්‍රේලියාව සහභාගි වූ තරගය ජය ප්‍රසාද ලකුණු 5 බැගින් ලබා පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙයි.

උරුගුවේ තරග දෙකකින් තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 4 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවෙයි. එම කාණ්ඩයේ සිටින ප්‍රබලතම කණ්ඩායමක් වන ෆීජි පිල සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 2 ක් පමණක් ලබා පස්වැනි ස්ථානයේ පසුවෙයි.

උරුගුවේ පිල පළමු අර්ධයේ යම් තරමක ග්‍රහණයක් රදවාගැනීමට සමත් වුවද දෙවැනි අර්ධයේදී ජෝර්ජියානු ක්‍රීඩකයෝ නිදහසේ ගෝල සීමාව ආක්‍රමණය කළහ. උරුගුවේ පිල පළමු තරගයේදී ෆීජි පරාජය කරමින් වඩාත් කැපී පෙනෙන කණ්ඩායම බවට පත්ව සිටිය ද මෙම තරගයේදී ජෝජියානු ඉදිරි පෙළ ක්‍රීඩකයන් හමුවේ පසු බැස්සේය.

ජෝර්ජියාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-7 ක් ලෙස පෙරමුණේ සිටියේය.
ජෝර්ජියාව ගෝල හතරකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කිරීමට සමත් විය. උරුගුවේ පිල ගෝලයක් පමණක් සම්පූර්ණ කළේය.

- 048

 


අදහස් (0)

ජෝර්ජියානුවෝ උරුගුවේ පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.