Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සැකසුම - ශානුක අරවින්ද)
.....................................................................................................................................................................
ශ්‍රී ලංකාව පරදවා ලකුණු 87 ක පහසු ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියාවට, මෙම තරගයේදී ලැබූ ප්‍රසාද ලකුණු 2 ත් සමගින් මුලු ලකුණු 8 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වෙයි. ශ්‍රී ලංකාව ලකුණු 4 ක් සමගින් තවදුරටත් එහි පස්වැනි ස්ථානයේ රැදී සිටියි.
.....................................................................................................................................................................
ඕවර 45.5 කදී - 247/10
(ධනංජය ද සිල්වා නොදැවී 16 / පැට් කමින්ස් 7.5-0-38-2)
කමින්ස්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් නුවන් ප්‍රදීප් ලකුණු නොළබා දැවී යයි.
.....................................................................................................................................................................
ඕවර 45 කදී - 246/9
(ධනංජය ද සිල්වා 15, නුවන් ප්‍රදීප් 00 / කේන් රිචඩ්සන් 9-0-47-3)
45 වැනි ඕවරය යැවීම සඳහා කේන් රිචඩ්සන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.
රිචඩ්සන්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ධනංජයගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 44 කදී - 240/9
(ධනංජය ද සිල්වා 10, නුවන් ප්‍රදීප් 00 / පැට් කමින්ස් 7-0-37-1)
44 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.
කමින්ස්ගේ හත්වැනි ඕවරයට ලකුණු 2 පමණි.
.....................................................................................................................................................................
ඕවර 43 කදී - 238/9
(ධනංජය ද සිල්වා 09, නුවන් ප්‍රදීප් 00 / මිචෙල් ස්ටාක් 10-0-55-4)
ස්ටාක්ගේ 10 වැනි ඕවරයට එක් ලකුණක් පමණි.
.....................................................................................................................................................................
ඕවර 42 කදී - 237/9
(ධනංජය ද සිල්වා 08, නුවන් ප්‍රදීප් 00 / කේන් රිචඩ්සන් 8-1-41-3)
රිචඩ්සන්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමින් එක් ලකුණක් ලබා සිටි ලසිත් මාලිංග දැවී යයි.
11 වැනි පිතිකරුවා ලෙස නුවන් ප්‍රදීප් පිටියට පිවිසෙයි.
.....................................................................................................................................................................
ඕවර 41 කදී - 237/8
(ධනංජය ද සිල්වා 08, ලසිත් මාලිංග 01 / මිචෙල් ස්ටාක් 9-0-54-4)
ස්ටාක්ගේ නමවැනි ඕවරයට එක් ලකුණක් පමණි.
.....................................................................................................................................................................
ඕවර 40 කදී - 236/8
(ධනංජය ද සිල්වා 08, ලසිත් මාලිංග 00 / කේන් රිචඩ්සන් 7-0-41-2)
40 වැනි ඕවරය යැවීම සඳහා කේන් රිචඩ්සන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉසුරු උදාන සූදානම්.
රිචඩ්සන්ගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඒරන් ෆින්ච් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 8 ක් ලබා සිටි ඉසුරු උදාන දැවී යයි. (හතරේ පහර 1 යි)
10 වැනි පිතිකරුවා ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙයි.
.....................................................................................................................................................................
ඕවර 39 කදී - 229/7
(ධනංජය ද සිල්වා 08, ඉසුරු උදාන 02 / මිචෙල් ස්ටාක් 8-0-53-4)
ස්ටාක්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 30 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී යයි. (හයේ පහර 2 යි)
නමවැනි පිතිකරුවා ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි.
.....................................................................................................................................................................
ඕවර 38 කදී - 222/6
(කුසල් මෙන්ඩිස් 30, ධනංජය ද සිල්වා 03 / ජේසන් බෙරන්ඩෝෆ් 9-0-59-1)
38 වැනි ඕවරය යැවීම සඳහා ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.
බෙරන්ඩෝෆ්ගේ නමවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 37 කදී - 217/6
(කුසල් මෙන්ඩිස් 28, ධනංජය ද සිල්වා 00 / මිචෙල් ස්ටාක් 7-0-46-3)
ස්ටාක්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 3 ක් ලබා සිටි මිලින්ද සිරිවර්ධන දැවී යයි.
හත්වැනි පිතිකරුවා ලෙස තිසර පෙරේරා පිටියට පිවිසෙයි.
එම ඕවරයේම අවසන් පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 7 ක් ලබා සිටි තිසර පෙරේරාද දැවී යයි. (හයේ පහර 1 යි)
අටවැනි පිතිකරුවා ලෙස ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි.
.....................................................................................................................................................................
ඕවර 36 කදී - 208/4
(කුසල් මෙන්ඩිස් 27, මිලින්ද සිරිවර්ධන 03 / පැට් කමින්ස් 6-0-35-1)
36 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.
කමින්ස්ගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 9 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් දැවී යයි. (හතරේ පහර 2 යි)
හයවැනි පිතිකරුවා ලෙස මිලින්ද සිරිවර්ධන පිටියට පිවිසෙයි.
.....................................................................................................................................................................
ඕවර 35 කදී - 204/3
(කුසල් මෙන්ඩිස් 26, ඇන්ජලෝ මැතිව්ස් 09 / මිචෙල් ස්ටාක් 6-0-37-1)
35 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.
ස්ටාක්ගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් ඕන් සහ මිඩ් ඕෆ් කළාප අතරින් හයේ පහරක්. එම ඕවරයේම අවසන් පන්දුවට මැතිව්ස්ගෙන් ඩීප් ස්කුවෙයාර් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 34 කදී - 193/3
(කුසල් මෙන්ඩිස් 19, ඇන්ජලෝ මැතිව්ස් 05 / ග්ලේන් මැක්ස්වෙල් 10-0-46-0)
මැක්ස්වෙල්ගේ 10 වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 33 කදී - 190/3
(කුසල් මෙන්ඩිස් 17, ඇන්ජලෝ මැතිව්ස් 04 / කේන් රිචඩ්සන් 6-0-34-1)
රිචඩ්සන්ගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවේදී පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි ග්ලේන් මැක්වෙල් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 97 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දැවී යයි (හතරේ පහර 9 යි)
පස්වැනි පිතිකරුවා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි.
එම ඕවරයේම දෙවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් මින් ඕන් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 32 කදී - 186/2
(දිමුත් කරුණාරත්න 97, කුසල් මෙන්ඩිස් 17 / ග්ලේන් මැක්ස්වෙල් 9-0-43-0)
මැක්ස්වෙල්ගේ නමවැනි ඕවරයේ අවසන් පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ලෝන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 31 කදී - 178/2
(දිමුත් කරුණාරත්න 96, කුසල් මෙන්ඩිස් 10 / කේන් රිචඩ්සන් 5-0-30-0)
රිචඩ්සන්ගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 30 කදී - 176/2
(දිමුත් කරුණාරත්න 95, කුසල් මෙන්ඩිස් 09 / ග්ලේන් මැක්ස්වෙල් 8-0-35-0)
30 වැනි ඕවරය යැවීම සඳහා ග්ලේන් මැක්ස්වෙල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් සූදානම්.
මැක්ස්වෙල්ගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 29 කදී - 173/2
(දිමුත් කරුණාරත්න 93, කුසල් මෙන්ඩිස් 08 / කේන් රිචඩ්සන් 4-0-28-0)
29 වැනි ඕවරය යැවීම සඳහා කේන් රිචඩ්සන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් සූදානම්.
රිචඩ්සන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 28 කදී - 168/2
(දිමුත් කරුණාරත්න 89, කුසල් මෙන්ඩිස් 07 / ජේසන් බෙරන්ඩෝෆ් 8-0-54-1)
බෙරන්ඩෝෆ්ගේ අටවැනි ඕවරට ලකුණු 5 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 27 කදී - 163/2
(දිමුත් කරුණාරත්න 85, කුසල් මෙන්ඩිස් 06 / පැට් කමින්ස් 5-0-31-0)
කමින්ස්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 26 කදී - 159/2
(දිමුත් කරුණාරත්න 83, කුසල් මෙන්ඩිස් 04 / ජේසන් බෙරන්ඩෝෆ් 7-0-49-1)
බෙරන්ඩෝෆ්ගේ හත්වැනි ඕවරට ලකුණු 3 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 25 කදී - 156/2
(දිමුත් කරුණාරත්න 82, කුසල් මෙන්ඩිස් 02 / පැට් කමින්ස් 4-0-27-0)
25 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.
කමින්ස්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 24 කදී - 154/2
(දිමුත් කරුණාරත්න 82, කුසල් මෙන්ඩිස් 01 / ජේසන් බෙරන්ඩෝෆ් 6-0-46-1)
බෙරන්ඩෝෆ්ගේ හයවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 16 ක් ලබා සිටි ළහිරු තිරිමාන්න දැවී යයි. (හතරේ පහර 1 යි)
සිවුවැනි පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.
.....................................................................................................................................................................
ඕවර 23 කදී - 145/1
(දිමුත් කරුණාරත්න 81, ළහිරු තිරිමාන්න 10 / ග්ලේන් මැක්ස්වෙල් 7-0-32-0)
මැක්ස්වෙල්ගේ හත්වැනි ඕවරයටත් ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 22 කදී - 141/1
(දිමුත් කරුණාරත්න 79, ළහිරු තිරිමාන්න 08 / ජේසන් බෙරන්ඩෝෆ් 5-0-38-0)
බෙරන්ඩෝෆ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 21 කදී - 139/1
(දිමුත් කරුණාරත්න 78, ළහිරු තිරිමාන්න 07 / ග්ලේන් මැක්ස්වෙල් 6-0-28-0)
මැක්ස්වෙල්ගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 20 කදී - 135/1
(දිමුත් කරුණාරත්න 76, ළහිරු තිරිමාන්න 05 / ජේසන් බෙරන්ඩෝෆ් 4-0-36-0)
20 වැනි ඕවරය යැවීම සඳහා ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා තිරිමාන්න සූදානම්.
බෙරන්ඩෝෆ්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 19 කදී - 131/1
(දිමුත් කරුණාරත්න 73, ළහිරු තිරිමාන්න 04 / ග්ලේන් මැක්ස්වෙල් 5-0-24-0)
මැක්ස්වෙල්ගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට දිමුත්ගෙන් ෂෝට් තර්ඩ් මෑන් සහ බැක්වඩ් පොයින්ට් කළාප අතරින් හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 18 කදී - 123/1
(දිමුත් කරුණාරත්න 67, ළහිරු තිරිමාන්න 02 / මිචෙල් ස්ටාක් 5-0-26-1)
ස්ටාක්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 17 කදී - 122/1
(දිමුත් කරුණාරත්න 66, ළහිරු තිරිමාන්න 02 / ග්ලේන් මැක්ස්වෙල් 4-0-16-0)
මැක්ස්වෙල්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 16 කදී - 120/1
(දිමුත් කරුණාරත්න 65, ළහිරු තිරිමාන්න 01 / මිචෙල් ස්ටාක් 4-0-25-1)
ස්ටාක්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ දැවටීම නිසා ලකුණු 52 ක් ලබා සිටි කුසල් පෙරේරා දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 5 යි)
තෙවැනි පිතිකරු ලෙස ළහිරු තිරිමාන්න පිටියට පිවිසෙයි.
.....................................................................................................................................................................
ඕවර 15 කදී - 112/0
(දිමුත් කරුණාරත්න 58, කුසල් පෙරේරා 52 / ග්ලේන් මැක්ස්වෙල් 3-0-14-0)
මැක්ස්වෙල්ගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 14 කදී - 106/0
(දිමුත් කරුණාරත්න 54, කුසල් පෙරේරා 50 / මිචෙල් ස්ටාක් 3-0-17-0)
14 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් සූදානම්.
ස්ටාක්ගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට ලබාගත් ලකුණත් සමගින් කුසල් පෙරේරා සිය 13 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
එම ඕවරය තුළදී ස්ටාක්ගේ පන්දු යැවමේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 146 ක අගයක පැවැතිණ.
.....................................................................................................................................................................
ඕවර 13 කදී - 102/0
(දිමුත් කරුණාරත්න 52, කුසල් පෙරේරා 48 / ග්ලේන් මැක්ස්වෙල් 2-0-8-0)
මැක්ස්වෙල්ගේ දෙවැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 12 කදී - 98/0
(දිමුත් කරුණාරත්න 50, කුසල් පෙරේරා 46 / කේන් රිචඩ්සන් 3-0-23-0)
රිචඩ්සන්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට මිඩ් විකට් කළාපය හරහා එල්ල කළ හතරේ පහරත් සමගින් දිමුත් කරුණාරත්න සිය සිවුවැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
.....................................................................................................................................................................
ඕවර 11 කදී - 91/0
(දිමුත් කරුණාරත්න 46, කුසල් පෙරේරා 43 / ග්ලේන් මැක්ස්වෙල් 1-0-4-0)
11 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.
මැක්ස්වෙල්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 10 කදී - 87/0
(දිමුත් කරුණාරත්න 44, කුසල් පෙරේරා 42 / කේන් රිචඩ්සන් 2-0-16-0)
රිචඩ්සන්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කුසල්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී කුසල් කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් ලබාදුන්නේ යැයි රිචඩ්සන් කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු අලීම් ඩාර් මහතා ප්‍රතික්ශේප කළේය. අනතුරුව එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රම වේදයට යොමු කිරීමට ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පියවර ගත් නමුත් තෙවැනි විනිසුවරුවරයාද ප්‍රධාන විනිසුරු සමග එකඟ වීම නිසා කුසල්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව හිමිවිය.
.....................................................................................................................................................................
ඕවර 9 කදී - 79/0
(දිමුත් කරුණාරත්න 35, කුසල් පෙරේරා 43 / ජේසන් බෙරන්ඩෝෆ් 3-0-32-0)
බෙරන්ඩෝෆ්ගේ තෙවැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 18 ක් රැස්කිරීමට කුසල් සහ දිමුත් සමත් වෙති.
.....................................................................................................................................................................
ඕවර 8 කදී - 61/0
(දිමුත් කරුණාරත්න 42, කුසල් පෙරේරා 18 / කේන් රිචඩ්සන් 1-0-08-0)
අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.
රිචඩ්සන්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට දිමුත්ගෙන් ෂෝට් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 7 කදී - 53/0
(දිමුත් කරුණාරත්න 37, කුසල් පෙරේරා 15 / ජේසන් බෙරන්ඩෝෆ් 2-0-14-0)
බෙරන්ඩෝෆ්ගේ දෙවැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 13 ක් රැස්කිරීමට කුසල් සහ දිමුත් සමත් වෙති.
.....................................................................................................................................................................
ඕවර 6 කදී - 40/0
(දිමුත් කරුණාරත්න 25, කුසල් පෙරේරා 14 / පැට් කමින්ස් 3-0-25-0)
කමින්ස්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලට දිමුත්ගෙන් පිට පිට හතරේ පහර 2 ක්.
.....................................................................................................................................................................
ඕවර 5 කදී - 31/0
(දිමුත් කරුණාරත්න 16, කුසල් පෙරේරා 14 / ජේසන් බෙරන්ඩෝෆ් 1-0-01-0)
පස්වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.
බෙරන්ඩෝෆ්ගේ පළමු ඕවරයට එක් ලකුණුක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 4 කදී - 30/0
(දිමුත් කරුණාරත්න 15, කුසල් පෙරේරා 14 / පැට් කමින්ස් 2-0-16-0)
කමින්ස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 3 කදී - 26/0
(දිමුත් කරුණාරත්න 12, කුසල් පෙරේරා 13 / මිචෙල් ස්ටාක් 2-0-13-0)
ස්ටාක්ගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 2 කදී - 24/0
(දිමුත් කරුණාරත්න 10, කුසල් පෙරේරා 13 / පැට් කමින්ස් 1-0-12-0)
දෙවැනි ඕවරය යැවීම සඳහා දකුතින් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.
කමින්ස්ගේ පළමු ඕවරයේදීත් හතරේ පහර 2 ක් සමගින් ලකුණු 12 ක් රැස්කිරීමට කුසල් සහ දිමුත් සමත් වෙති.
.....................................................................................................................................................................
ඕවර 1 කදී - 12/0
(දිමුත් කරුණාරත්න 04, කුසල් පෙරේරා 07 / මිචෙල් ස්ටාක් 1-0-11-0)
පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.
ස්ටාක්ගේ පළමු ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 12 ක් රැස්කිරීමට කුසල් සහ දිමුත් සමත් වෙති.
.....................................................................................................................................................................
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 335 ක ඉලක්කයක්
ඕවර 45 ක් නිමාවන විට කඩුලු 4 ක් දැවී ලකුණු 302 ක් ලබා ඕස්ට්‍රේලියානු කන්ඩායම ප්‍රභල තත්වයක පසුවුවද, අවසන් ඕවර 5 ලකුණු 32 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
.....................................................................................................................................................................
ඕවර 50 කදී - 334/7
(ග්ලේන් මැක්ස්වෙල් 46, මිචෙල් ස්ටාක් 05 / තිසර පෙරේරා 10-0-67-0)
50 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ග්ලේන් මැක්ස්වෙල් සූදානම්.
තිසරගේ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවට මැක්ස්වෙල්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 49 කදී - 324/7
(ග්ලේන් මැක්ස්වෙල් 40, මිචෙල් ස්ටාක් 01 / ඉසුරු උදාන 10-0-57-2)
ලකුණු 4 ක් ලබා සිටි ඇලෙක්ස් කේරි සහ ලකුණු නොළබා සිටි පැට් කමින්ස් දුවද්දී දවාගැනීමට ඉසුරු උදාන සමත් වෙයි.
.....................................................................................................................................................................
ඕවර 48 කදී - 317/5
(ග්ලේන් මැක්ස්වෙල් 34, ඇලෙක්ස් කේරි 04 / ලසිත් මාලිංග 10-1-61-1)
මාලිංගගේ 10 වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 47 කදී - 310/5
(ග්ලේන් මැක්ස්වෙල් 31, ඇලෙක්ස් කේරි 00 / ඉසුරු උදාන 9-0-50-2)
47 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ග්ලේන් මැක්ස්වෙල් සූදානම්.
උදානගේ 9 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ඩීප් මිඩ්විකට් කළාපයේ පන්දු රකිිමින් සිටි මිලින්ද සිරිවර්ධන අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 3 ක් ලබා සිටි මිචෙල් මාෂ් දැවී යයි.
.....................................................................................................................................................................
ඕවර 46 කදී - 306/4
(ග්ලේන් මැක්ස්වෙල් 29, ෂෝන් මාෂ් 02 / ලසිත් මාලිංග 9-1-54-1)
මාලිංගගේ නමවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 45 කදී - 302/4
(ග්ලේන් මැක්ස්වෙල් 27, ෂෝන් මාෂ් 01 / නුවන් ප්‍රදීප් 10-0-46-1)
45 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ග්ලේන් මැක්ස්වෙල් සූදානම්.
ප්‍රදීප්ගේ 10 වැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් රැස්කිරීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් වෙයි.
.....................................................................................................................................................................
ඕවර 44 කදී - 280/4
(ග්ලේන් මැක්ස්වෙල් 05, ෂෝන් මාෂ් 01 / ලසිත් මාලිංග 8-1-51-1)
මාලිංගගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලකුණු 73 ක් ලබා සිටි ස්ටීවන් ස්මිත් දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 7 යි)
.....................................................................................................................................................................
ඕවර 43 කදී - 275/3
(ස්ටීවන් ස්මිත් 73, ග්ලේන් මැක්ස්වෙල් 01 / ඉසුරු උදාන 8-1-46-1)
43 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
උදානගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 153 ක් ලබා සිටි ඒරන් ෆින්ච් දැවී යයි. (හයේ පහර 5 යි, හතරේ පහර 15 යි)
.....................................................................................................................................................................
ඕවර 42 කදී - 269/2
(ඒරන් ෆින්ච් 152, ස්ටීවන් ස්මිත් 69 / ලසිත් මාලිංග 7-1-46-0)
42 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
මාලිංගගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ෆින්ච් ලකුණු 150 සීමාව පසුකරයි.
.....................................................................................................................................................................
ඕවර 41 කදී - 255/2
(ඒරන් ෆින්ච් 146, ස්ටීවන් ස්මිත් 62 / නුවන් ප්‍රදීප් 9-0-66-0)
ප්‍රදීප්ගේ නමවැනි ඕවරයේදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 18 ක් රැස්කිරීමට ෆින්ච් සහ ස්මිත් සමත් වෙති.
.....................................................................................................................................................................
ඕවර 40 කදී - 237/2
(ඒරන් ෆින්ච් 137, ස්ටීවන් ස්මිත් 53 / තිසර පෙරේරා 9-0-57-0)
තිසරගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ඩීප් ස්කුවෙයාර් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ ෆින්ච්ගෙන් තෙවැනි පන්දුවට බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 39 කදී - 224/2
(ඒරන් ෆින්ච් 126, ස්ටීවන් ස්මිත් 51 / නුවන් ප්‍රදීප් 8-0-48-0)
39 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
ප්‍රදීප්ගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ලකුණක් ලබාගනිමින් ස්ටීවන් ස්මිත් හතරේ පහර 5 ක් සමග සිය 22 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරයි.
.....................................................................................................................................................................
ඕවර 38 කදී - 218/2
(ඒරන් ෆින්ච් 122, ස්ටීවන් ස්මිත් 49 / තිසර පෙරේරා 8-0-44-0)
තිසරගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ෆින්ච්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 37 කදී - 210/2
(ඒරන් ෆින්ච් 116, ස්ටීවන් ස්මිත් 47 / ඉසුරු උදාන 7-0-40-0)
උදානගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට ෆින්ච්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 36 කදී - 203/2
(ඒරන් ෆින්ච් 111, ස්ටීවන් ස්මිත් 45 / තිසර පෙරේරා 7-0-36-0)
තිසරගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ස්මිත්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 35 කදී - 195/2
(ඒරන් ෆින්ච් 109, ස්ටීවන් ස්මිත් 39 / ඉසුරු උදාන 6-0-33-0)
35 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
උදානගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ෆින්ච්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 34 කදී - 190/2
(ඒරන් ෆින්ච් 104, ස්ටීවන් ස්මිත් 39 / තිසර පෙරේරා 6-0-28-0)
34 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
තිසරගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 33 කදී - 185/2
(ඒරන් ෆින්ච් 102, ස්ටීවන් ස්මිත් 36 / මිලින්ද සිරිවර්ධන 2-0-17-0)
මිලින්දගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ලෝන් ඕෆ් කළාපයට ඉහළින් එල්ල කළ හයේ පහරත් සමගින් සිය 14 වැනි එක්දින ශතකය සම්පූර්ණ කිරීමට ෆින්ච් සමත් වෙයි.
.....................................................................................................................................................................
ඕවර 32 කදී - 176/2
(ඒරන් ෆින්ච් 95, ස්ටීවන් ස්මිත් 35 / ලසිත් මාලිංග 6-1-32-0)
මාලිංගගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවටම ස්මිත්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 31 කදී - 168/2
(ඒරන් ෆින්ච් 94, ස්ටීවන් ස්මිත් 30 / මිලින්ද සිරිවර්ධන 1-0-09-0)
31 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.
මිලින්දගේ පළමු ඕවරයේ පළමු පන්දුවටම ස්මිත්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 30 කදී - 159/2
(ඒරන් ෆින්ච් 93, ස්ටීවන් ස්මිත් 22 / ලසිත් මාලිංග 5-1-24-0)
30 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
මාලිංගගේ පස්වැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 29 කදී - 152/2
(ඒරන් ෆින්ච් 91, ස්ටීවන් ස්මිත් 18 / ධනංජය ද සිල්වා 8-0-40-2)
ධනංජයගේ අටවැනි ඕවරයේදී හයේ පහර 2 ක් දහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් රැස්කිරීමට ෆින්ච් සහ ස්මිත් සමත් වෙති.
.....................................................................................................................................................................
ඕවර 28 කදී - 132/2
(ඒරන් ෆින්ච් 73, ස්ටීවන් ස්මිත් 17 / ඉසුරු උදාන 5-0-28-0)
උදානගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට ස්මිත්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 27 කදී - 124/2
(ඒරන් ෆින්ච් 71, ස්ටීවන් ස්මිත් 11 / ධනංජය ද සිල්වා 7-0-20-2)
ධනංජයගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 26 කදී - 119/2
(ඒරන් ෆින්ච් 69, ස්ටීවන් ස්මිත් 09 / ඉසුරු උදාන 2-0-20-0)
26 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
උදානගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට ස්මිත්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 25 කදී - 110/2
(ඒරන් ෆින්ච් 67, ස්ටීවන් ස්මිත් 02 / ධනංජය ද සිල්වා 6-0-15-2)
ධනංජයගේ හයවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 24 කදී - 108/2
(ඒරන් ෆින්ච් 66, ස්ටීවන් ස්මිත් 01 / නුවන් ප්‍රදීප් 7-0-42-0)
ප්‍රදීප්ගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට ෆින්ච්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 23 කදී - 100/2
(ඒරන් ෆින්ච් 59, ස්ටීවන් ස්මිත් 00 / ධනංජය ද සිල්වා 5-0-13-2)
ධනංජයගේ පස්වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ඉසුරු උදාන අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 10 ක් ලබා සිටි උස්මාන් කවාජා දැවී යයි. (හතරේ පහර 1 යි)
.....................................................................................................................................................................
ඕවර 22 කදී - 97/1
(ඒරන් ෆින්ච් 56, උස්මාන් කවාජා 10 / නුවන් ප්‍රදීප් 6-0-34-0)
ප්‍රදීප්ගේ හයවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 21 කදී - 95/1
(ඒරන් ෆින්ච් 55, උස්මාන් කවාජා 09 / ධනංජය ද සිල්වා 4-0-10-1)
ධනංජයගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 20 කදී - 93/1
(ඒරන් ෆින්ච් 54, උස්මාන් කවාජා 08 / නුවන් ප්‍රදීප් 5-0-32-0)
20 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා උස්මාන් කවාජා සූදානම්.
ප්‍රදීප්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට කවාජාගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. එම හතරේ පහර වාර්තා වූයේ පන්දු 52 කට පසුවය.
.....................................................................................................................................................................
ඕවර 19 කදී - 87/1
(ඒරන් ෆින්ච් 53, උස්මාන් කවාජා 03 / ධනංජය ද සිල්වා 3-0-08-1)
ධනංජයගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
සිය අවසන් එක්දින ඉනිම් 10 තුළදී ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් ලබාගැනීමට ඒරන් ෆින්ච් සමත් වී ඇත. (116, 153*, 90, 39, 53, 66, 6, 36, 82, 53*-අද)
.....................................................................................................................................................................
ඕවර 18 කදී - 83/1
(ඒරන් ෆින්ච් 51, උස්මාන් කවාජා 01/ තිසර පෙරේරා 5-0-23-0)
තිසරගේ පස්වැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි.
පන්දු 53 කදී හතරේ පහර 7 ක් සමගින් ඒරන් ෆින්ච් සිය 24 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.
.....................................................................................................................................................................
ඕවර 17 කදී - 80/1
(ඒරන් ෆින්ච් 49, උස්මාන් කවාජා 00 / ධනංජය ද සිල්වා 2-0-04-1)
ධනංජයගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 26 කට දැවී යයි. (හතරේ පහර 2 යි)
තෙවැනි පිතිකරු ලෙස උස්මාන් කවාජා පිටියට පිවිසෙයි.
.....................................................................................................................................................................
ඕවර 16 කදී - 79/0
(ඩේවිඩ් වෝනර් 26, ඒරන් ෆින්ච් 48 / තිසර පෙරේරා 4-0-20-0)
තිසරගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 15 කදී - 76/0
(ඩේවිඩ් වෝනර් 25, ඒරන් ෆින්ච් 46 / ධනංජය ද සිල්වා 1-0-03-0)
15 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීමට ෆින්ච් සූදානම්.
ධනංජයගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 14 කදී - 73/0
(ඩේවිඩ් වෝනර් 24, ඒරන් ෆින්ච් 44 / තිසර පෙරේරා 3-0-17-0)
තිසරගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 13 කදී - 69/0
(ඩේවිඩ් වෝනර් 22, ඒරන් ෆින්ච් 42 / ඉසුරු උදාන 3-0-11-0)
උදානගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 12 කදී - 63/0
(ඩේවිඩ් වෝනර් 21, ඒරන් ෆින්ච් 37 / තිසර පෙරේරා 2-0-13-0)
තිසරගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුව ෆින්ච්ගේ පා ආවරණයේ වැදුණද ප්‍රධාන විනිසුරුවරයා එය කඩුල්ල මුවාකිරීමක් නොවන බවට සංඥා කළේය. එහිදී විනිසුරු තීරණ විමසීමේ අවස්ථාව ලබාගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පියවර ගත්තද තෙවැනි විනිසුරුවරයාද ප්‍රධාන විනිසුරු සමග එකඟ වීම නිසා එය නිෂ්ඵල විය.
.....................................................................................................................................................................
.....................................................................................................................................................................
ඕවර 11 කදී - 57/0
(ඩේවිඩ් වෝනර් 20, ඒරන් ෆින්ච් 35 / ඉසුරු උදාන 2-0-05-0)
උදානගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 10 කදී - 53/0
(ඩේවිඩ් වෝනර් 17, ඒරන් ෆින්ච් 34 / තිසර පෙරේරා 1-0-09-0)
10 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.
තිසරගේ පළමු ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලට ෆින්ච්ගෙන් පිට පිට හතරේ පහර 2 ක්.
.....................................................................................................................................................................
ඕවර 9 කදී - 44/0
(ඩේවිඩ් වෝනර් 16, ඒරන් ෆින්ච් 26 / ඉසුරු උදාන 1-0-01-0)
නමවැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.
උදානගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 8 කදී - 43/0
(ඩේවිඩ් වෝනර් 15, ඒරන් ෆින්ච් 26 / නුවන් ප්‍රදීප් 4-0-26-0)
ප්‍රදීප්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 7 කදී - 33/0
(ඩේවිඩ් වෝනර් 08, ඒරන් ෆින්ච් 25/ ලසිත් මාලිංග 4-1-17-0)
මාලිංගගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් එල්ල කළ ෆින්චගෙන් සිවුවැනි පන්දුවට මිඩ් ඕන් කළාපය හරයා තවත් හතරේ පහරක්..
.....................................................................................................................................................................
ඕවර 6 කදී - 23/0
(ඩේවිඩ් වෝනර් 08, ඒරන් ෆින්ච් 15 / නුවන් ප්‍රදීප් 3-0-15-0)
ප්‍රදීප්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 5 කදී - 20/0
(ඩේවිඩ් වෝනර් 06, ඒරන් ෆින්ච් 14 / ලසිත් මාලිංග 3-1-07-0)
මාලිංගගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
.....................................................................................................................................................................
ඕවර 4 කදී - 17/0
(ඩේවිඩ් වෝනර් 04, ඒරන් ෆින්ච් 13 / නුවන් ප්‍රදීප් 2-0-13-0)
ප්‍රදීප්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ෆින්ච්ගෙන් හතරේ පහරක්.
.....................................................................................................................................................................
ඕවර 3 කදී - 12/0
(ඩේවිඩ් වෝනර් 04, ඒරන් ෆින්ච් 08 / ලසිත් මාලිංග 2-1-04-0)
මාලිංගගේ දෙවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.
.....................................................................................................................................................................
ඕවර 2 කදී - 12/0
(ඩේවිඩ් වෝනර් 04, ඒරන් ෆින්ච් 08 / නුවන් ප්‍රදීප් 1-0-08-0)
දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
දෙවැනි ඕවරයේ පළමු පන්දුවටම ලෝන් ඕෆ කළාප හරහා හරේ පහරක් එල්ල කළ ෆන්ච්ගෙන්, පස්වැනි පන්දුවට ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්..
.....................................................................................................................................................................
ඕවර 1 කදී - 04/0
(ඩේවිඩ් වෝනර් 04, ඒරන් ෆින්ච් 00 / ලසිත් මාලිංග 1-0-04-0)
පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.
පළමු ඕවරයේ තෙවැනි පන්දුවට වෝනර්ගෙන් මින් ඕන් සහ මිඩ් විකට් කළාප අතරින් හරේ පහරක්..
.....................................................................................................................................................................
සුලගිල්ලේ ආබාධයකට ලක්ව සිටි නුවන් ප්‍රදීප් ඉන් පූර්ණ සුවය ලබා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින අතර සිය නැන්දනියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණ යළි එංගලන්තය බලා ගිය ලසිත් මාලිංගද අද තරගයට ක්‍රීඩා කරනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුකරනු ලැබ ඇති එකම වෙනස්කම වන්නේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙනුවට වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැඳවීම පමණි.
අවසන් වරට පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කළ නේදන් කූල්ටර් නයිල්ට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇති අතර ඔහු වෙනුවට ජේසන් බෙරන්ඩෝෆ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා සිටියි.
.....................................................................................................................................................................
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, මිලින්ද සිරිවර්ධන, ඉසුරු උදාන, ලසිත් මාලිංග සහ නුවන් ප්‍රදීප්
ඕස්ට්‍රේලියා කණ්ඩායම
ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, උස්මාන් කවාජා, ෂෝන් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, කේන් රිචඩ්සන්, ජේසන් බෙරන්ඩෝෆ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.