Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්තයට 27 - 3 ක ජයක්

අයර්ලන්තයට 27 - 3 ක ජයක්

editorial - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ අංක 1 හිමි අයර්ලන්තය  ජපානයේදී පැවැත්වෙන නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ වැඩ ආරම්භ කරමින් සිය පළමු තරගයේදී ලකුණු 27-3 ක් ලෙස ස්කොට්ලන්තය පරාජය කිරීමට අද (22) සමත් විය. පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වන මෙම තරගය යොකොහාමාහිදී අද පස්වරුවේ පැවැත්විණි.

අයර්ලන්තය ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු 27 එකතු කරගත්තේය. ස්කොට්ලන්තය දඩුවම් පහරක් පමණක් සාර්ථක කළේය.

ලෝක රග්බි ප්‍රේක්‍ෂකයන්ගේ වැඩි අවධානයක් යොමු වූ මෙම තරගය නැරඹීමට 63,000 කට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ.

අයර්ලන්තය අතිරේක ප්‍රසාද ලකුණත් සමඟ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණියේය.

සත්කාරක ජපානය ද ඇතුළත්ව සිටින මෙම කාණ්ඩයේ පළමු තරගයේදී ජපානය අතිරේක ප්‍රසාද ලකුණ ද සමගින් සමාරම්භක තරගයේදී රුසියාව පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටියේය.
අයර්ලන්ත පිලේ ප්‍රබල ක්‍රීඩකයන් වන පීටර් ඕවහොනි සහ බුන්ඩී අකී දෙදෙනා ආබාධයන්ට ලක්වීමෙන් පළමු අර්ධයේදී පිටියෙන් ඉවත්වීම අයර්ලන්ත ලකුණු සංඛ්‍යාව අඩු වීමට වඩාත් බලපෑවේය.

ජොනී සෙක්ස්ටන් සහ කොනොර් මුන්රායි දෙපළ මෙහිදී අයර්ලන්තය වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටුකළහ. කොනොර් මුන්රායි උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කරමින් ගෝල ප්‍රවර්ථනයක් ද සාර්ථක කිරීමට සමත් විය.   

අයර්ලන්ත පිලේ ජැක් රයන් තරගයේ 7 වැනි මිනිත්තුවේදී දඩුවම් අවස්ථාවක් උත්සාහක දිනුමක් බවට පරිවර්ථනය කරමින් ගෝල සීමාව ආක්‍රමණය කිරීමත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. ජොනී සෙක්ස්ටන් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ අයර්ලන්තය ලකුණු 7-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

පළමු අර්ධයේ 34 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සහ 40 වැනි මිනිත්තුවේදී ගෝලයක් එකතු වීමෙන් පළමු අර්ධය අවසන් වන විට අයර්ලන්තය ලකුණු 19 ක් රැස්කර සිටියේය. ස්කොට්ලන්තයට 36 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කීපයක් ගතවීමට පෙර වර්ෂාව ඇද හැළීමෙන් තරගයට දැඩි බලපෑමක් යොමු විය. ඒ හේතුවෙන් දෙවැනි අර්ධයේදී අයර්ලන්තය සම්පූර්ණ කළ උත්සාහක දිනුම සහ දඩුවම් පහර පමණක් වාර්තා විය.

අයර්ලන්තය දෙවැනි තරගයේදී සත්කාරක ජපානයට එරෙහිව ලබන සෙනසුරාදා තරග කිරීමට නියමිතය.

 

- 048


අදහස් (0)

අයර්ලන්තයට 27 - 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.