Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ තුන්වැනි සති අන්තයේදී නාවික හමුදා පිල පරදවා ලකුණු 26-18 ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත් විය. වැලිසර නාවික හමුදා පිටියේදී පැවැති මෙම තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත් අතර නාවික හමුදාවට ලබාගත හැකිවූයේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර දෙකක් පමණි.
පොලිස් පිල සම්පූර්ණ තරගය ජයගත් නමුත් විවේක කාලයේදී ලකුණු 08-07 ක් ලෙසින් නාවිකයෝ ඉදිරියෙන් සිටියහ. එහෙත් විවේකයෙන් පසුව ඉතා වේගවත් ක්‍රීඩාවකට අවතීර්ණ වූ පොලිස් ක්‍රීඩකයෝ විවේකයෙන් පසුව ලකුණු 19 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගත්හ.
මෙවර තරගාවලියේ තරග 3 කින් පොලිස් පිල ලබාගත් දෙවැනි ජයග්‍රහණය මෙයයි. එහෙත් නාවිකයෝ තවමත් ජයග්‍රහණයක් සොයමින් සිටිති.
..
- 100
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.