Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිලංගට ක්‍රිකට් විධායක සභාව තහනම්

තිලංගට ක්‍රිකට් විධායක සභාව තහනම්

යොහාන් භාසුර - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කිරීමට නුසුදුස්සෙක් වන බැවින් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම තහනම් කිරීමට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව තීරණය කර තිබේ.

එම කමිටුවේ නිගමනය පසුගිය 9 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයාට බාරදුන් අතර ක්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එය දැනුම්දී තිබේ.
 
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා විසින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කරන ලදි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව තිලංග සුමතිපාල මහතා ආසන්තම හිටපු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම නීති විරෝධී යැයි ඉදිපත්වූ විරෝධතා සැළකිල්ලට ගත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජනය කිරීම මීට මාසයකට පමණ පෙර තාවකාලිකව තහනම් කළේය.

සුමතිපාල මහතා සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිළි සම්බන්ධයෙන් එම කමිටුව කළ පරීක්‍ෂණයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සමීප ඥාාතියකු හෝ සම්බන්ධ වී සිටින්නේ නම් එවැනි පුද්ගලයකුට කිසිඳු ජාතික ක්‍රීඩා සංගමයක තනතුරු දැරිය නොහැකි යන වගන්තිය සුමතිපාල මහතාට හරස් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයකට තිලංග සුමතිපාල මහතාගේ වැඩිමහල් සොහොයුරා සම්බන්ධ බවට පරීක්‍ෂණයේදී තහවුරු වී ඇති බව වාර්තා වේ.      


    


අදහස් (0)

තිලංගට ක්‍රිකට් විධායක සභාව තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.