Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට යති

ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට යති

ශානුක අරවින්ද - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 240 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා නගරයේදී අද (9 වැනිදා) ආරම්භ වේ. තරගාවලිය ලබන 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

බාලක සහ බාලිකා දෙඅංශයටම බර පංති 13 ක් යටතේ තරග පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහභාගි වී සිටිති.

එහිදී කොළඹ නාලන්දා විදුහලේ ජී.පී.යූ. මිහිරාන් (කිලෝ ග්‍රෑම් 50), මහනුවර ශ්‍රී සුමංගල විදුහලේ වයි.එම්. උසයිත් (කිලෝ ග්‍රෑම් 48), හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලයේ සුරාජ් තිසාන්ත (කිලෝ ග්‍රෑම් 46) සහ එච්.එම්. කරුණානායක (කිලෝ ග්‍රෑම් 52) ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියොජ්නය කරති.
 
පිළිමතලාව ධීරානන්ද විදුහලේ කේ.ඩී. කුලතුංග (කිලෝ ග්‍රෑම් 50), හොරණ දොන් පෙඩි්‍රක් විදුහලේ බී.එච්.කේ. සෙව්වන්දි (කිලෝ ග්‍රෑම් 48), කඹුරුපිටිය නාරංදෙණිය ජාතික පාසලේ විෂ්මි නෙතාරා (කිලෝ ග්‍රෑම් 52) සහ හසිනි අනූපමා (කිලෝ ග්‍රෑම් 46) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.


අදහස් (0)

ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.