Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සාන්ත තෝමසුවෝ අර්ධ අවසන් පූර්ව වටයට එති

සාන්ත තෝමසුවෝ අර්ධ අවසන් පූර්ව වටයට එති

editorial - 2019 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අද (29 වැනිදා) සමත් විය.

ඒ සාන්ත තෝමස විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කළුතර විද්‍යාලයට එරෙහිව ලකුණු 94 ක ජයක් අත්කර ගනිමිනි.
 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාන්ත තෝමස් විදුහලේ අනුක් පලිහවඩන සහ මනෙත් පෙරේරා කඩුලු 4 බැගින් දවාගනිමින් කළුතර විද්‍යාලයේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

සාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 162  
(අනුක් පලිහවඩන 26, අත්නාත් ජලීල් 25, ඉසුරු මඩවල 22, ප්‍රමිත් චාරුක 09/2, සංදීප ප්‍රනාන්දු 17/2, සවින්
 අනුක 19/2, පවන් ගුණතිලක 32/2)
 
කළුතර විද්‍යාලය - ඕවර 32 කදී සියලු දෙනා දැවී 68
(නිෂාර ප්‍රනාන්දු 28, අනුක් පලිහවඩන 09/4, මනෙත් පෙරේරා 11/4)

-036

 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ අර්ධ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.