Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තර්ස්ටන් විදුහල ලකුණු 79 ක ජයක් ලබයි

තර්ස්ටන් විදුහල ලකුණු 79 ක ජයක් ලබයි

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ තර්ස්ටන් විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 79 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ නිපුන් ප්‍රේමරත්න ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගත් අතර ගුරුකුල විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් බවන්ත ජයසිංහ, ධනංජය සිල්වා සහ ලොනෙත් විජේරත්න කඩුලු 2 බැගින් දවාගත්හ.

තර්ස්ටන් විදුහල - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 118
(විහඟ ජයමාන්න 25, රනේෂ් සිල්වා 21, යෂ්මින්ත සුදේෂ් 14/3, තුෂාර මධුෂාන් 18/2, විහඟ ඉරන්ජන 22/2)

ගුරුකුල විදුහල - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 39
(නිපුන් ප්‍රේමරත්න 06/3, බවන්ත ජයසිංහ 08/2, ධනංජය සිල්වා 08/2, ලොනෙත් විජේරත්න 10/2)

-036

 


අදහස් (0)

තර්ස්ටන් විදුහල ලකුණු 79 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.