Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches එක්දින තරගයේ ජය ධර්මදූත විද්‍යාලයට

එක්දින තරගයේ ජය ධර්මදූත විද්‍යාලයට

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බදුල්ල ඌව විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත මහ විද්‍යාලය අතර බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 11 වැනි ‘ඌව හටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජයගැනීමට ධර්මදූත මහ විද්‍යාලය ඊයේ (1 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඌව විද්‍යාලය ඕවර 41.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 105 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ නදුශාන් ලකුණු 33 කට කඩුලු 4 ක් ද කවීශ දේවින්ද සහ නවංජන සත්සර ලකුණු 7 කට කඩුලු 2 බැගින්ද දවාගනිමින් ඌව විද්‍යාලීය ඉනිම සුනුවිසුණු කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ධර්මදූත මහ විද්‍යාලය ඕවර 15.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
සසිඳු ශෙහාර ලකුණු 44 ක් සහ කවීෂ දේවින්ද ලකුණු 38 ක් රැස්කරමින් ධර්මදූත මහ විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ඌව විද්‍යාලය - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී ලකුණු 105
(එස්.නදුශාන් 33/4, කවීශ දේවින්ද 07/2, නවංජන සත්සර 07/2)

ධර්මදූත මහ විද්‍යාලය - ඕවර 15.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 106
(සසිඳු ශෙහාර 44, කවීෂ දේවින්ද 38)


අදහස් (0)

එක්දින තරගයේ ජය ධර්මදූත විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.