Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම රග්බි තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019-2020) හෙට (29 වැනිදා) ආරම්භ වේ.
තරගාවලිය ආරම්භ කරමින් නාවික හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර වැලිසරදී ද, සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ යුද හමුදා පිල අතර මේට්ලන්ඞ් පෙදෙසේදීද, හෙට පස්වරුවේ තරග දෙකක් පැවැත්වීමට නියමිතය.
මහනුවර ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස්, සී. ආර්. ඇන්ඞ් එෆ්. සී., සී. එච්. ඇන්ඞ් එෆ්. සී., නාවික හමුදා, ගුවන් හමුදා, යුද හමුදා සහ පොලිස් යන කණ්ඩායම් අට සුපුරුදු පරිදි මෙවර තරගාවලියට සහභාගි වෙයි.
සති හතකින් යුත් පළමු වයේ තරග ලබන ජනවාරි මස 18 වැනිදා අවසන් වීමට නියමිතය. ඉන් අනතුරුව දෙවැනි වටය ආරම්භ වන අතර එම තරග මාර්තු මස 18 වැනිදා අවසන් වේ.
දෙවැනි වටයේ තරග අවසානයේ වැඩි ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් හතර කුසලාන ශූරතාව සඳහා නැවත තරගාවලියකට සහභාගි වෙයි. අවසන් කණ්ඩායම් හතර ‘පළ`ඟ’ ශූරතාවට තරග කරයි.
මෙවර සම්පූර්ණ තරගාවලිය අප්‍රේල් මස 6 වැනිදා අවසන් වීමට නියමිතය.
පළමු සතියේ තරග කාලසටහන (පස්වරු 4.00 ට ආරම්භ වේ)
● 29 වැනිදා - නාවික හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර වැලිසරදී
● 29 වැනිදා - සී. එච්. පිල සහ යුද හමුදා පිල අතර සී. එච්. පිටියේදී
● 30 වැනිදා - සී. ආර්. පිල සහ පොලිස් පිල අතර සී. ආර්. පිටියේදී
● 01 වැනිදා - මහනුවර පිල සහ ගුවන් හමුදා පිල අතර නිත්තවෙලදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.